SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්,

අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) දැනුම් දී ඇත.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම දැනුම් දීම කර ඇත්තේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ටත් සහ අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය ටත් ඊයේ පෙරවරුවේ වෙන වෙනම දුරකථනයෙන් අමතමිනි.

 

පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා කතානායකවරයාට සහ අගවිනිසුරුවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

 

සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය  සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.

නවතම ලිපි