SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්පයිඩර්මෑන් ඇඳුමින් සැරසී මෝටර් රථයක බොනට්ටුවක් මත ගමන් කළ පුද්ගලයෙකු දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නජාෆ්ගාර්හි පදිංචි ආදිත්‍ය (20) නම් පුද්ගලයකු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුද්ගලයා මෝටර් රථයක බොනට්ටුව මත ගමන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා තුළ ප්‍රචලිත වීමත් සමඟ දිල්ලි පොලිසිය ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

 spiderman 2

 

අනතුරුදායක ලෙස රිය පැදවීම, පරිසර දූෂණ සහතිකයක් නොමැතිව රිය පැදවීම සහ ආසන පටි පැළඳ නොසිටීම යන චෝදනා යටතේ වාහනයේ හිමිකරුට සහ රියදුරුට එරෙහිව නඩු පවරා තිබේ.

එම වරදවල් සඳහා උපරිම දඩ මුදල රු. 26,000ක් හෝ සිරගත කිරීමක් යන දඬුවම් දෙකම වීමේ හැකියාව ද තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

@Aruna

නවතම ලිපි