SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණ තම පක්ෂයේ ජනාධිපති අ‌පේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරාව නම් කර බොහෝ  දිනක් වන බවත්

දේශපාලන උවමනාවන් මත තීරණය දැන්වීම පමා කර ඇති බවත් පොදුජන පෙරමුණ අභ්‍යන්තර ආරංචිමාර්ග කියා සිටියි.

 

අද විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සමීප වෙබ් අඩවියක් විසින් පොහොට්ටු පක්ෂය මෙවර ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරනවා යැයි කර තිබූ පුවතක් පාදක කොටගෙන අප කළ විමසුමකදී මේ බව සඳහන් කළේය.

 

අදාළ වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ  ඉදිරි ජනාධිපතිවරණයේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට එම පක්ෂයේ ඉහළ පෙලේ වැඩි නැඹුරුවක් ඇති බවත්, ඒ අනුව ජනාධිපතිවරණයේදී කැමති තීරණයක් ගැනීමට පක්‍ෂයේ මැති ඇමතිවරුන්ටත් සාමාජිකයන්ටත් ඉඩ ලබා දෙනු ඇති බවත්ය.

පොදුජන පෙරමුණේ බරපතල බෙදීම වළක්වාලීමට මෙම පියවර ගත් බව වීරවංශට සමීප වෙබ් අඩවිය දන්වා ඇත.

 

කෙසේ වුවද අදාළ අපේක්ෂකයා පිළිබඳ නිවේදනය එළැඹෙන සඳුදා, එනම් හෙට දිනයේ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

නවතම ලිපි