SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඔහු අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුවත් කර ඇත.

 marga 2

මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් එම තීරණය ගත් බව සී.පී.අතළුවගේ පවසයි.

 

මාර්ග සංවර්ධන අධිකාරිය තුළ පසුගිය කාලසීමාවේදී ද  අනිසි බලපෑම් සහ මැදිහත්වීම් නිරන්තරයෙන් සිදුව ඇති බවත්, මේ වනවිට ලේකම්වරයා  ආයතනයේ  ඉහළ කළමනාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කරමින්  මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම් සිදුකරන බවටත් ඔහු සඳහන් කරයි.

 

WhatsApp Image 2024 07 27 at 22.48.49 

පසුගිය වසර හතරහමාරක සේවා කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ කීර්තිනාමයට කැළලක් ඇති නොවන අයුරින් හා සේවකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ පවත්නා නීති රෙගුලාසිවලට අනුකූළව විනිවිදභාවයකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතීන්ට යටත්ව රාජකාරී සිදුකළ බව ඉල්ලා අස්වූ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇත.

 

කෙසේවෙතත් තවදුරටත් මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඊයේ (28) දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තීරණය කර ඇති බව සභාපති අතළුගේ සඳහන් කර ඇත.

 

මෙවැනි අතපෙවීම් සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ මැදිහත්වීම කුමක්ද?

 

@Samaara Paranavithana

නවතම ලිපි