SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ 2022 ආර්ථික අර්බුදය සමග පොර බදමින් බවත් දශක කිහිපයක අවිචාර කළමනාකරණයේ ප්‍රතිඵලයක් බවට පත්වූ,

බංකොලොත් රටේ වර්තමානය තුළින් රටක් ආණ්ඩු නොකළ යුත්තේ කෙසේදැයි යන්න ලංකාවේ මෙතෙක් සිටි පාලකයින් විසින් මුළු ලෝකයටම පෙන්වා දී ඇති බවත් අර්ථ ගවේෂකයෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ “නව යුගයක පිවිසුම් මග - ආණ්ඩු ක්‍රම වෙනස” කෘතිය තුළින් අනාවරණය කර ඇත.

 

ජයවීර 2

 

අර්ථ ගවේෂකයෝ වනාහී වරලත් ගණකාධීකාරීන් වන පී.ඊ.මැතිව් සහ සමාගමේ ව්‍යාපෘතියකි.

වරලත් ගණකාධිකාරී ආර්.ඒ.ජයවීර මෙම කෘතියේ කර්තෘවරයා ය.

 

“ප්‍රාතිහාර්ය පෑ හැකි තරමේ යෝධ ශක්තියක් රාජ්‍ය යාන්ත්‍රණයට (state mechanism) තිබෙන නමුත්, සැකැස්මේ දෝෂ (design faults), නාස්තිය සහ දූෂණය නිසා, සමෘද්ධිමත් දේශයක් සඳහා වන මහජන අපේක්‍ෂාව ඉටු කරගත නොහැකිව තිබේ. ඒ සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ සම්පූර්ණ ව්‍යුහාත්මක පරිවර්තනයක්/ප්‍රතිව්‍යුහගත කිරීමක්  අවශ්‍යය. යටත් විජිත යුගයේ සිට පැවතෙන සිවිල් පාලන තන්ත්‍රයේ යම් යම් වෙනස්කම් කර තිබුණද, රට ඉහළ තලයකට ඔසවා තැබීමට උවමනා සක්‍රිය ජවබලය ඊට කාවැද්දිය හැකි පරිවර්තනීය වෙනස්කම් සිදුකර නැත.  ප්‍රමාදය අපව අගාධයේ තව දුර පහළට තල්ලු කර දමනු ඇත”. 

 

ජයවීර 3

 

අප්‍රමාදව ක්‍රියාවට නැංවිය යුතු පරිවර්තනීය වැඩ පිළිවෙල මේ සමග ඉදිරිපත් කරන බව අර්ථ ගවේෂකයෝ ප්‍රකාශ කර සිටියි.  

 

ඉදිරියේ දී එම කෘතිය slleader.lk අපගේ වෙබ් අඩවිය හරහා කොටස් වශයෙන් පළකෙරෙනු ඇත.

කෘතිය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නම්

අර්ථ ගවේෂකයෝ, අංක 94-1/8,

යෝර්ක් වීදිය, කොළඹ 01

ලිපිනයෙන් ලබාගත හැකිය.

 

“රාජ්‍ය සේවාවේ ස්වාමියා මහජනතාවය.  තව පැත්තකින් මහජනයා එහි පාරිභෝගිකයා ද වේ.  මහජනයා සතු අධිකාරිය පවත්වා ගත යුත්තේ, දේශපාලනය විධානයෙහි තැබීමෙන් හා අවුරුදු පහකට හෝ හයකට වරක් කතිරය ගැසීමට සීමා නොවී, නිරතුරුව රාජ්‍ය පාලනයට මැදිහත් වීමෙනි.  කැපවුන පුරවැසියෙකු (devoted citizen) වීමෙනි. තමා අවට සිදුවන දේ ගැන විමසිලිමත් වීමෙනි.  සෑම පුරවැසියෙකුම දේශපාලනඥයකු විය යුතුයැ’යි අප කියන්නේ ඒ අර්ථයෙනි.

 

මේ කෘතිය මගින්  "අර්ථ ගවේශකයෝ" ඉටු කරන්නේ එවන් ජාතික දේශපාලන මෙහෙවරකි.  රටේත්, ජනතාවගේත් අභිවෘද්ධිය අරමුණු කරගත් යුතුකමකි.  වගකීමකි.රාජ්‍ය යාන්ත්‍රණය කාර්යශුර අදුෂිත යාන්ත්‍රණයක් ඔබට පරිවර්තනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.  එය දේශපාලන පක්‍ෂ වලට හා ආණ්ඩුවලට පමණක් ඉටු කළ නොහැකිය.  මහජන බලයක් හා නොනවිතින තෙරපුමක් ඊට අවශ්‍යය”.

(“නව යුගයක පිවිසුම් මග - ආණ්ඩු ක්‍රම වෙනස” කෘතියේ පූර්විකාවෙන්) 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි