SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ ජනාධිපති අපේක්‍ෂකයා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

ලබන මස  (අගොස්තු) 04 වැනිදා පැවැත්වෙන විශේෂ සම්මේලනයේදී ප්‍රකාශ කරන බව එම ක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

 

මේ වනවිට සර්වජන බලය සන්දානය ප්‍රධාන පක්ෂ සහ සංවිධාන හතකටත් වැඩි සංඛ්‍යාවකින් සමන්විත වන අතර එහි ජනාධිපති ධූරය අපේක්‍ෂකයා එකී පක්‍ෂයක හෝ සන්ධානයක නායකයන්ගෙන් කෙනෙක් බව ද වාර්තා වේ.

 

ව්‍යවසායක දිලිත් ජයවීරගේ  නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්‍ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ, උදය ගම්මන්පිල නායකත්වය දරණ පිවිතුරු හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන ගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය, ගෙවිඳු කුමාරතුංග ගේ සභාපතිත්වයෙන් යුත් ‘යුතුකම ජාතික සංවිධානය, ඩිව් ගුණසේකර ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ වාසුදේව නානායක්කාර ඇතුළු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුළු පක්‍ෂ සහ සන්විධාන රැසක් ‘සර්ව ජනබලය’ දේශපාලන සන්ධානයේ වෙති.

marrikkar

නවතම ලිපි