SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී  මෙතෙක් කිසිදා නොකියූ කතාවක් ද සභාවට හෙළි කළේය.

කොවිඩ් සමයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජ්‍යපක්ෂ මහතාට දිනක් දුරකථන ඇමතුමක් ලබාදී තමා විමසා සිටියේ, "කොවිඩ් ජලයෙන් බෝ වන බැවින් සියලු ප්‍රශ්න කොලොන්නාවට ගෙන එන්නේ මන්ද..?" යි යනුවෙන් බවයි.

 

"ඔබ තුමන්ලා කොලොන්නාවේ ලොකු කුණු කන්දක් ගෙනත් දැම්මා, ඊළඟට කොවිඩ් රෝගීන් සියල්ලම IDH රෝහලට ගෙනත් දැම්මා, දැන් IDH රෝහලේ වතුර සේරම කොලොන්නාවේ කානු හරහා එන්නෙ, එතකොට මුලු කොලොන්නාවටම කොවිඩ් එනවා නේද..? එතකොට නර්ස් නෝනලා නැවතිලා ඉන්නෙ කොලොන්නාවේ නේද...? එතකොට කොවිඩ් එන්නෙ නැද්ද...?"

එම දුර ඇමතුමෙන් විමසීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ ප්‍රතිචාරය වූයේ,

"කචල් දාන්න එපා, මම මොනවා හරි කරන්නම්" කියාය.

 

ඒ වෙලාවෙදි තමන් අග්‍රාමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටියේ, කොවිඩ් මර්දන එන්නත කොලොන්නාවේ ජනතාවට මුලින්ම ලබා දෙන ලෙසයි. ඉන්පසු තමා කොලොන්නාවේ මිනිස්සුත් එක්ක පාරට බසින්න සූදානමින් අමතද්දී අග්‍රාමාත්‍යවරයා තමාට කියා සිටියේ ඉවසන ලෙසයැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පැමිණ සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවේදී නැගී සිටි අවස්ථාවේදී කතානායකවරයා ප්‍රශ්නය ඇසීමට අවස්ථාව නොදී සිටි අතර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදී ප්‍රශ්නය ඇසීමට අවස්ථාව ලබා දෙන ලෙස ප්‍රකාශ කළේය.

 

ඊට ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව ලබා දෙන බවයි.

 

නමුත් එම සිද්ධියෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටතට පැමිණි තමා හට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියක් ප්‍රකාශ කළේ "ඔයා අපිව කෑවා අපේ දේශපාලනය මෙතනින් ඉවරයි" යනුවෙනි.

 

මේ ආකාරයෙන් ජාතිවාදය මතින් දේශපාලනය  සිදු කළ පිරිසක් සමගයි මේ මොහොතේ ජනාධිපතිවරයා සිටින්නේ. සමාව ඉල්ලීම මගින් මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලැබේ යැයි සිතීම වැරදි වැටහීමක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අවධාරණය කරයි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි