SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර විසින් අද(25) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගොස්

සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දුට සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරට එරෙහිව පැමිණිල්ලක් යොමු කළේය.

 

ඒ ඔවුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපළ සහ මුදල් අනිසි ලෙස වියදම් කරමින් රට පුරා සංගීත සංදර්ශන සහ උත්සව පවත්වමින් අනියමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන බවට චෝදනා කරමිනි. 

 

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් තරුණ සේවා සභාවේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරමින්, වාර්ෂික සැලැස්මද පසෙකලා රට පුරා විවිධ සංගීත ප්‍රසංග පවත්වමින්, විදේශ ගායක ගායිකාවන්ට මිලියන ගණන් මුදල් වියදම් කරමින් ඉදිරි මැතිවරණයේදී තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කරන බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළ.

 

එහිදී වැඩි දුරටත් අදහස් අදහස් දැක්වූ වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා,

 

WhatsApp Image 2024 07 25 at 15.53.18

 

“ඇත්තටම අද දවසේදී අපි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණියා. මේ පැමිණිල්ලේදී අපි ඉතාම ප්‍රබල විදියට සඳහන් කරනවා ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබද අමාත්‍යවරයා විදිහට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, ඒ වගේම තමයි කමිකරු හා විදේශ කටයුතු අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරු ගණනාවක් මේ වෙනකොට සංදර්ශන සහ උත්සව පවත්වමින් ජනාධිපතිවරණයක අත්‍යාසන්න කාලයකට පැමිණ තිබෙන මේ වෙලාවේ, ඒ වගේම තමයි පළාත් පාලන මැතිවරණය අහෝසි නොකර තිබෙන වෙලාවකදී, මැතිවරණයක් ප්‍රකාශ කරලා තියෙන අවස්ථාවකදී මේ අය ඉතා අත්තනෝමතික විදිහට රාජ්‍ය දේපළ අවභාවිතා කරමින් කෝටි ගණන් මුදල් නාස්තිකාර වියදම් වලට යොදවමින් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ අපේක්ෂකයා දිනවීම සඳහා ඉතා වංචනික විදිහට රාජ්‍ය දේපළ මුදල් වියදම් කරනවා.

 

ඒ වගේම තමයි මේ වෙනකොට නාවලපිටියේ හයිපොඩ් වත්ත කියන ප්‍රදේශය අක්කර 200 කට වැඩි ප්‍රමාණයක් කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලකින් තොරව, මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත යුතු නීතිමය ලියකියවිලි, ඒ වගේම තමයි පතල් හා කැණීම් කාර්යංශයෙන් ලබා ගත යුතු ලියකියවිලි මේ කිසිවක් නොමැතිව දේශපාලන උවමනාවන් මත දේශපාලනඥයන් විසින් දේශපාලනඥයන් වෙත මේ දේපල බෙදාහරින තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඇත්තටම මේ වෙනකොට අඩු ආදායම්ලාභීන්ට යැයි සඳහන් කරමින් නාවලපිටිය හයිපෝඩ් වත්ත දේශපාලන ගජ මිතුරන්ට බෙදාහැරීම සඳහා වන ක්‍රියාවලියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපි කියනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට මේ අනීතික ක්‍රියාවලිය දිගටම කරගෙන ගියොත් ඔබටද නීතිය හමුට යෑමට සිදුවෙනවා කියලා.

 

ඒ වගේම අපි කියනවා හරින් ප්‍රනාන්දු තරුණ සේවා සභාවට මුදල් වෙන්කරගෙන රුපියල් ලක්ෂ 8000 කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට, ඉන්දියාවේ කලාකරුවන් යැයි කියන අය ගෙනල්ලා යාපනයේදී ලක්ෂ 130ක් පමණ වියදම් කරලා තිබෙනවා කලාකරුවන්ට පමණක්. ඒ වගේම මේ  අය සැලසුම් කරා හැටන් වලදී, නමුත් මේ අය කියනවා හැටන් වල වේදිකා කඩා වැටුණා කියලා. මේ අය අද හෙට මේ දවස් කිහිපය පමණක් මේ අය උත්සහ කරනවා බේරුවලදී, බදුල්ලේදී සහ ගම්පහ දී මේ සංගීත සංදර්ශන පවත්වන්න. මේ අය මේ සංදර්ශනවලට ස්ටේජ් ගහන්න, ඒ වගේම තමයි කලාකරුවන් කියන අයට ඉඳුම් හිටුම්, කෑම බීම මේ විවිධ අනවශ්‍ය නාස්තිකාර වියදම් වෙනුවෙන් මිලියන ගණනින් මේ අය මුදල් විනාශ කරනවා.

 

ඒනිසා තරුණ සේවා සභාවේ වාර්ෂික සැලැස්ම නැති හරින් ප්‍රනාන්දුගේ ඒ යෞවන කටයුතු අමාත්‍යාංශයේ, සංචාරක අමාත්‍යංශයේ වාර්ෂික සැලැස්මේ නැති නාස්තිකාර වියදම් වලට තමා මේ වියදම් දරන්නේ. අර අමාත්‍යංශය යටතේ තිබෙන බෙල්වුඩ් සෞන්දර්ය අධ්‍යාපන නිකේතනය ඒක ගොඩනගන්න එක රුපියලක් වියදම් නොකර මේ වාර්ෂික සැලැස්ම නැති හුදු ප්‍රදර්ශනවාදී වැඩ වෙනුවෙන් අල්ලස් වශයෙන් ලබා දෙනවා. මේ අය මේ සඳහා කෑම බීම ලබාදෙනවා, මුදල් වියදම් කරනවා මේ සියල්ලම තමන්ට ඡන්දය ලබා ලබා දෙන්න කියන අනියමින් කරන අල්ලස් දීමක්. ඒ නිසා අල්ලස දූෂණය කියන වරදට වැටෙන වරදක් හරීන් ප්‍රනාන්දුලා, මනුෂ නානායක්කාරලා සහ වෙනත් දේශපාලන නායකයන් කියාගන්න අය මැතිවරණයක් ප්‍රකාශ කරල තිබෙන වෙලාවකදී අල්ලස දූෂණය ගණයට වැටෙන වැරදි කරගෙන යනවා.

 

රටේ ජනතාව අද එදාවේල පිරිමහගන්න බැරි තත්ත්වයකට වැටිලා තියෙද්දී මේ අය රුපියල් කෝටි ගණනින් රාජ්‍ය දේපළ මුදල් වියදම් කරනවා සංගීත සංදර්ශන බජව් දාන්න. එනිසා මේ යෞවනයන් දියුණු කරන්න, ශක්තිමත් කරන්න යැයි කියමින් මේ අය යෞවනයන්ට වෙනත් අමුතු උම්මාදයක් හදන්න උත්සාහ කරනවා. රටේ ඇත්ත තරුණ ප්‍රශ්න යට ගහලා මේ තරුණයන්ට මේ අයගේ ජොලිය ඉටුකරගන්න මේ හරහා උත්සාහ කරන්නේ. අවසානයේ මේ අය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයාව ජයග්‍රහණය කරවීම සඳහා අල්ලසක් ලබාදීම.

 

එනිසා අපි මේක දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේක අපි මැතිවරණ කොමිසමටද භාර දුන්නා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අපි කියනවා අද අදම මේ අයට විරුද්ධව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න කියලා. එසේ නොකලොත් මේ අය හෙට අනිද්දා ලක්ෂ සීය දෙසිය වියදම් කරනවා අනවශ්‍ය සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා. රටේ ජනතාවගෙන් අපි අහනවා මේ වෙලාවේ අවශ්‍ය වන්නේ සංගීත සංදර්ශන පැවැත්වීමද තරුණයන්ගේ රැකියා ප්‍රශ්න, පුහුණුව පිළිබඳ ප්‍රශ්න විසඳීමද කියලා. තරුණයන්ගේ සැබෑ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නැතුව ළඟ එන මැතිවරණය ඉලක්ක කරගෙන මේ අය තරුණයින් මුළා කිරීම සඳහා දස දහස් ගණන් මේ තරුණයන් කැඳවලා මේ උත්සාහ කරන තරුණ මනස අඳ කරලා තරුණ මනස වංචනික, කූඨ විදිහට වෙනස් කරලා ඒ අයට ඡන්ද ලබා ගැනීම සඳහා වන මහජන රැස්වීම තමා මේ අය කරන්නේ. ඒ නිසා අපි දැඩි විරෝධය පළ කරනවා.

 

සුදුසු පරීක්ෂණයක් සිදු කරලා හරීන්ලට මනුෂලාට වගේම තමයි අනෙකුත් මුරණ්ඩු දේශපාලඥයන්ගේ මේ මුදල් අවභාවිතාවන් පිළිබඳව වැට බඳින්න කියලා කියනවා. මේ වෙනකොට භාණ්ඩාගාරයේ ලේකම් නිකුත් කරලා තිබෙනවා උත්සව පැවැත්වීම නතර කරන්න කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒ චක්‍රලේඛ වංචනික ලෙස බයි පාස් කරලා මේ උත්සාහ කරන්නේ රටේ ඇත්ත තරුණ ප්‍රශ්න විසඳන්නේ නැතුව තරුණයන්ගේ ඔලුව විනාශ කරලා, විකෘති කරලා තමන්ගේ ඡන්ද මල්ල තර කරගන්න තමයි උත්සාහ කරන්නේ”.

 

@මාධ්‍ය ඒකකය

2024-07-25

marrikkar

නවතම ලිපි