දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය හේතුවෙන් පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා
මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කෙරෙනු  ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
 
පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ය.
 
 පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ට එරෙහිව එල්ල වූ චෝදනාවලින් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  පත් කෙරුණු විනිසුරු මඩුල්ලක්   විසින් ඔහුව නිදොස් කොට නිදහස් කර ඇති අතර ඒ බව පොලිස් මූලස්ථානයට ද දැනුම් දී  ඇත.
 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක මිද්දෙණිය කනිෂ්ඨ විද්‍යාලයේ ආදි  සිසුවෙකි.
 
 
පොලිස් දෙපාර්තමේන්තුවේ ඊට පසු ජ්‍යෙෂ්ටත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන නිළධාරීන් වෙති.
ජ්‍යෙෂ්ටත්වයෙන් ඉහළින් සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ අවසන් වනතුරු අනිවාර්ය නිවාඩු යැවීමට ජාතික පොලිස් කොමිසම පසුගියදා තීරණය කළේය.
															
