SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට වසර දෙකකට පෙර ජනාධිපති ධුරය භාර නොගත්තේ නම්

තමන්ට සිදු වන්නේත් අමරකීර්ති මන්ත්‍රීතුමාට සිදු වූ දේම බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

 

“මේ පක්ෂය හදපු කෙනෙක් මම. මම මේ පක්ෂය හානිවෙන්න දකින්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒක නිසා මම ඒක කතා කරන්න සුදානමක් නෑ. හැබැයි මගේ මතය මම ඉන්න වේදිකාවේදී පැහැදිලිවම කියලා තියෙනවා. ඒ මතයේ අදත් ඉන්නවා මම.

 

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ. කලගුණ දන්න මිනිස්සු නම් අද මතක තියා ගන්න ඒ අරගලය වෙන කෙනෙක්ගේ අතට ගියා නම් මහින්ද මහත්තයටත්, ගෝඨාභය මහත්තයාට වෙන්නෙත්, අපිට වෙන්නෙත් අමරකීර්තිට වෙච්ච දේමයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය හා සාමය ස්ථාපිත කරා විතරක් නෙමෙයි ආර්ථිකය ගොඩ නගන්න පියවර ගත්තා. අපි ඒකට ගරු කරන්න ඕනේ. මහින්ද මහත්තයා වෙනුවෙන් අපි එළියට බැස්සේ මහින්ද මහත්තයා යුද්ධය ජයග්‍රහණය කළ නිසා. එතුමා රටට වැඩක් කළ නායකයෙක් හින්දා. අදටත් අපි එතුමත් එක්ක ඉන්නවා. ඒකනේ අපි මෙතැනට එන්නේ. මම විශ්වාස කරනවා පක්ෂය හරි වෙලාවට හරි තීන්දුවක් ගනියි කියලා”.

 

මේ වනවිට පොදුජන පෙරමුණ පක්ෂය පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් පත් කිරීමට තීරණය කර ඇති අතර, බෙදී ‌තිබූ පක්ෂ සාමාජිකයින් එක්කිරීමේ සාකච්ඡා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් අරඹා ඇත.

 

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි