SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (23) පැවති පාර්ලිමේන්තු සැසිවාරය ඇමතූ  අතුරලියේ රතන හිමි විසින්

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සහ ඒ වෙනුවෙන් නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම යන කරුණු වලට අදාලව ආණ්ඩුව ප්‍රශ්න කෙරිණි.

 

එහිදී මේ හා සබැඳි අතීත කරුණු උපුටා දැක්වූ උන්වහන්සේ 1977 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසිකර ප්‍රජාතන්ත්‍රවාදය වෙත බාධා එල්ල කිරීම සහ ඇතැම් දේෂපාලන පක්ෂ තහනම් කිරීම නිසා රටේ ඇතිවූ භීෂණකාරී තත්ත්වය පිළිබඳවද අවධාරණය කෙරිණි.

 

 

එවැනි දේශපාලන අස්ථාවරත්වයකට රට යා නොදී නියමිත දිනයට, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් වෙත ගමන්කරනවාද නැද්ද යන්න පිළිබඳව පැහැදිලිව ජනතාව වෙත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ වගකීම බව රතන හිමි වැඩිදුරටත් සඳහන් කළේය.

 

මෙම ගැටළු වලට ආණ්ඩුවේ පිළිතුරු වශයෙන් නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර විසින් සඳහන් කළේය.

 

එසේම පාර්ලිමේන්තුව විසුරුවන්නේද යන ගැටළුවට අදාලව, 2025- 08- 20 දක්වා පාර්ලිමේන්තු කාලය වලංගු බැවින් මේ වනතෙක් පාර්ලිමේන්තුව විසුරුවීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්  පළාත් පාලන මැතිවරණ කල්දැමීමට හේතුව ලෙස, සීමා නිර්ණ ගැටළුවක් පවතින නිසා  නැවතත් පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ උනන්දුවක් පවතින බවත්, ආණ්ඩු පක්ෂයේ පිළිතුරු වශයෙන් සඳහන් කෙරිණි.

 

@මාධ්‍ය ඒකකය

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය

marrikkar

නවතම ලිපි