SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරණයට පමණක් බැවින් අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහතිකයක් ලබා දී තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම සහතිකය ලබාදී ඇති බව වාර්තා වේ.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ (22) පස්වරුවේ පවත්වා ඇති අතර එහිදී වසර දෙකක කාලයක් ආණ්ඩුව පවත්වාගෙන යාමට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.

 

ජනාධිපතිවරණය කල් දැමීමට තමන් උත්සහ දරණ බවට විපක්ෂය කුමන මත පළකළ ද අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පවත්වන අතර මේ වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ප්‍රතිපාදන නොමැති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දී ඇති බව වාර්තා වේ. 

 

පසුගිය සමය ඉතා දුෂ්කර කාලයක් වූ බව පැවසූ ජනාධිපතිවරයා මේ වන විට එම දුෂ්කර කාලය ගෙවා දමා ඇති බව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

කෙසේ වුවද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට නම් පෙරපොරොන්දු වූ ආකාරයට සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 25ක් සහිතව පැමිණෙන්න යැයි පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පවසා තිබුණද සජබය කඩා ගැනීමට හැකියාවක් හරීන් මනූෂ දෙදෙනාට පමණක් නොව රාජිතටද නොහැකි වී යැයි දේශපාලන විචාරකයින් පවසයි. විනය ගැටලුවක් මත සජබයෙන් ඉවත් කළ සරත් ෆොන්සේකා පවා තීරණය කර ඇත්තේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමය.

 

මේ අතර ජනාධිපතිවරණය පවත්වන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කළ ද පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

 

එසේම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ දී ගෙනඒමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක සඳහන් කළේය.

 

මේ නිසා මෙහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර යන යකා කොරහත් බිඳගෙන යන මට්ටමේ සාකච්ඡා පැවතියද දේශපාලන විචාරකයින්ගේ අදහස වන්නේ රනිල් වික්‍රමසිංහ යනු එසේ තම නම විනාශ කර නොගන්නා බවත් ඔහුගේ අරමුණ ලංකාවෙන් පිටත ජාත්‍යන්තරය තුළ බලවත් චරිතයක් බවට පත්වීම බවත්ය.

 

ඊට අවශ්‍ය පරිසරය ඔහු මේ වනවිටත් සූදානම් කරගෙන ඇති බව ඔවුන්ගේ අදහස වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි