ඇමරිකාවේ ජනාධිපති ජෝ බයිඩන්
ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත.
තම පක්ෂයේ සහ රටේ යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියයි.
ඒ අනුව එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.