SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට

සුදුසු වේලාවේදී පිලිතුරු ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (21) කඩවත දී පැවසීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි  ජනාධිපතිවරණයට  ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී අද (21)ඒකමතිකව සම්මත වීමෙන් පසුව ජනාධිපතිවරයා මේ බව කීය.

 

gampaha rani

 

රනිල් වික්‍රමසිංහ ට පැන යන්න බෑ - ප්‍රසන්න රණතුංග

 

එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහ ට පැන යාමට නොහැකි වනු ඇති බවයි.

 

මේ අතර පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ගේ හමුවට එක්වෙමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණත් සමගි ජන බලවේගයත් ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වන බවත්  වසරක් පමණ ඔවුන් දුවලා තිබෙන බවත්ය. එහෙත් සුදුසු වෙලාවට වැඩ ආරම්භ කර තමා ජයගන්නා බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

"ජනතා විමුක්ති පෙරමුණට හෝ සමගි ජන බලවේගයට රටේ ප්‍රශ්න නිරාකරණය කර ජනතාවට යහපත් අනාගතයක් ගොඩ නඟාදීමට පැහැදිලි වැඩපිළිවෙළක් හෝ දර්ශනයක් නැහැ. ඔවුන් ගෙන යන බොරුව දැන් ජනතාවට අවබෝධ වී තිබෙනවා. බොරුවෙන් රටක් ඉදිරියට ගෙනයන්න බැහැ. සිංගප්පූරුව, ජපානය වැනි රටවල් ඉදිරියට පැමිණි ආකාරයට ශ්‍රී ලංකාව දියුණු කරන්නේ කෙසේද කියා අප බැලිය යුතුයි.

 

දේශපාලන ක්‍රමය රටට සුදුසු ආකාරයට ගොඩනැඟිය යුතුයි. පක්ෂ කිහිපයක් තිබිය හැකියි. එහෙත් අරමුණ එකක් විය යුතුයි. දේශපාලන පක්ෂ එකට වැඩ කරන අවස්ථා මෙන්ම වෙන්ව වැඩ කරන අවස්ථා තිබිය හැකියි. නමුත් එක රාමුවක එකට එකතු වී වැඩ කිරීමටද හැකි විය යුතුයි.

 

අද මේ රටේ තවත් ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ඇති කර දීමයි. එම කටයුතු අතර 25%ක් පමණ වන රටේ දිළිඳු ජනතාවද අමතක කළ නොහැකියි. ජනතාව එම තත්ත්වයෙන් මුදවා ගැනීමට අප ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා විවිධ ආර්ථික වැඩසටහන් තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කර ග්‍රාමීය මට්ටමේ තිබෙන දිළිඳු ජන සංඛ්‍යාව අඩු කිරිම සඳහා අප සැලසුම් සහගතව ක්‍රියා කළ යුතුයි. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත අප මේ වනවිට සම්මත කර තිබෙනවා. කාන්තා නියෝජනය වැඩි කිරීමටද අප පියවර ගනු ලැබුවා. ඒ වගේම පළාත් සභා පැරණි ක්‍රමයට යා යුතු බවට එම්. ඒ සුමන්තිරන් මන්ත්‍රීතුමා යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා. එම යෝජනාව සඳහා මගේ විරුද්ධත්වයක් නැති බව ප්‍රකාශ කළ යුතුයි. නමුත් එහිදීද කාන්තා නියෝජනය ඇතුළත් කළ යුතු බව අප දැනුම් දී තිබෙනවා.

 

ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය මේ වන විට ජනාධිපතිවරණය වෙනුවෙන් තම සංවිධාන කටයුතු ආරම්භ කර මාස හයක් පමණ වනවා. වසරක් පමණ ඔවුන් දුවලා තිබෙනවා. ඔවුන් තවත් දිවිය යුතුයි. අපි වෙලාවට අපේ වැඩ කටයුතු ආරම්භ කරමු. මට කිසිම සැකයක් නැහැ අපි ජය ගන්නවා."

 

marrikkar

නවතම ලිපි