SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි සතිය තුළ ජනාධිපති අපේක්ෂකත්වය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග

අද කඩවත පැවති ජනහමුවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් දැඩි ලෙස ඉල්ලා ඇත. 

 

"ගම්පහ ජනතාව ඔබතුමාගේ තීරණය ඉතා උනන්දුවෙන් බලා සිටිනවා. කරුණාකර ඔබ තරඟ කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කිරීමට තව දුරටත් ප්‍රමාද නොකරන්න,"

 

අමාත්‍ය ප්‍රසන්න මීට පෙර පවසා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ වේදිකාවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂද පොහොට්ටු මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් සමග සහභාගී වීමට සූදානම්ව ඇති බවත් අයහපත් සෞඛ්‍ය තත්වය මත අද දින සහභාගී නොවනු ඇති බවත්ය.

 

කෙසේ වුවද මේ පිළිබඳව ගෝඨාභය ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් ප්‍රකාශ කළේ  එය අමූලික බොරුවක් බවය.  

ඔහු පැවසුවේ,

 

“මේ වෙද්දි  පොහොට්ටුව පක්ෂයෙන් කැඩී වෙන්ව ගිය පිරිස රාජපක්ෂලා එක්ක නැවතත් අභ්‍යන්තර සාකච්ඡා අරඹලා තියෙනවා. ඒ එකතුව වලක්වන්න විවිධ දේවල් අනෙකුත් පාර්ශ්වයන් සිදුකරනවා. ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙවැනි ප්‍රකාශ කරන්න හේතුව තමයි ඔහුගේ දැනට පවතින නඩු හබ. ඒවා ඉවත් කරගන්න උදව් කරනව කියල දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙයි කියල ඔහු විශ්වාස කරන නිසයි මේව කරන්නෙ. ඒත් දැන් ලංකාවේ අධිකරණය ස්වාධීනව  කටයුතු කරන ආයතනයක්. ඒවට බලපෑම් කරන්න මොන විධායක බලයක් පාවිච්චි කළත් බැරිවෙලා තියෙනව කියල පහුගිය දිනවල සිදුවීම්වලින් පේන්න ඔින”

 

අද ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පොහොට්ටුව තුළ සිදුවන මෙම සාකච්ඡා පිළිබඳව දන්නා නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරවීම කඩිනම් කිරීමට උත්සාහ ගන්නා බවයි ඒකී ආරංචිමාර්ග පවසා ඇත්තේ.

 

මේ අතර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවත් රාජපක්ෂවරුන් දෙන ලද පොරොන්දුවක් නැවත හකුලා නොගන්නා බවත් පොහොට්ටු පක්ෂයේ සමීපතමයෙක් අද ප්‍රකාශ කළේය. එසේම මෙවර මැතිවරණය ජයග්‍රහණය අසීරු බව දන්නා නමුත් සම්පූර්ණ ශක්තිය ඔවුන් යොදවනු ඇත්තේ ඉදිරි පාලන කාලය තුළ පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය බවට පත්වීමට බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

 

අදින් ඇරැඹෙන සතියේ සිකුරාදාට පෙර මැතිවරණය පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්වනු ඇති බවත් අපේක්ෂකයින්ගේ නාම යෝජනා කැඳවීම ඒ අනුව ඉදිරි සතියේ සිට සිදුවනු ඇති බවත් මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග කියයි.

 

@සමාරා පරණවිතාන

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි