SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශය පුවත්පතේ මාධ්‍යවේදී ගයාන් ගාල්ලගේ ප්‍රංශයට පැන්නායැයි කියන

IP දුමින්ද සමග දේශය පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡාවකි.

 

(මෙහි එන නම් ගම් සහ සිදුවීම්වල වගකීම ඔහු සතු වේ. මෙම සම්මුඛ සාකච්ඡාව හරහා කිසියම් පාර්ශ්වයකට අසාධාරණයක් වෙත්ද, ඒ සම්බන්ධයෙන් අපට ලිඛිතව දැන්විය හැක.)

 

IP dumi 2 

ඔබගේ සම්පූර්ණ නම?

මැද්දුමරාලලාගේ දුමින්ද ජයතිලක

 

උපන් ගම?

තල්ගස්පිටිය, අරණායක.

 

ඔබගේ පවුලේ විස්තර?

හතර දෙනෙක්ගෙන් සමන්විත පවුලේ මම බාලයා. මගේ ලොකු අයියා ෆින්ලන්ඩ්වල ඉන්නේ. අක්කා රජයේ රැකියාවක් කරනවා. අනික් අයියා ආරක්ෂක අංශයේ.

 

දෙමව්පියෝ?

අම්මයි තාත්තයි දෙන්නම ගමේ ඉන්නේ. ඒ අයට අවුරුදු 75 කට වැඩියි දැන්.

 

ඔබ විවාහකද?

විවාහකයි.  

 

දරුවන්?

එක දියණියක් ඉන්නවා.

 

ඔබ නිකම් දුමින්ද නෙවෙයි, අයි.පී දුමින්ද. එහෙම වෙන්න පොලිසියට බැඳෙන්න ඕනෑ. කවද්ද බැඳුණේ පොලිසියට?

2011 අගෝස්තු 07 පොලීසියට බැඳුණේ.

 

පොලිසියට බැඳෙන්න හේතුව? 

ගොඩක් ආසා නිසා. මම ඇත්තට ෆිල්ම් බලලා ඇතිවෙච්ච ආසාව නිසා බැඳුණේ.

 

ඔබ පොලිසියට උප පොලිස් පරීක්ෂකයෙක් හැටියටද බැඳුණේ?

ඔව්.

 

ඔබ පොලිස් පරීක්ෂක තත්ත්වයට උසස්වීම් ලබන්නේ කොයි කාලෙද?

අපිට 2023 වසරේ ලැබුණේ. ඒත් අපේ ප්‍රමෝෂන් බැක්ඩේට් කළේ 2020 පෙබරවාරි 06 වැනිදට. මම එනකොට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති හිටියේ හේමන්ත දික්ඕවිට. ඇඩ්මින් ඕ.අයි.සී හිටියේ නෙවිල් ද සිල්වා. අද එතුමා ඒකේ අධ්‍යක්ෂ. මගේ ගුරුවරයා වගේ ඉන්න කෙනා. එතකොට හිටියා සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහත්තයා. එතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඉඳලා විශ්‍රාම ගියා. එතකොට අධ්‍යක්ෂ හිටියේ ඩී.ආර්.එල්. රණවීර මහත්තයා. එතුමත් මම හොඳට අඳුරනවා. අපේ ඩී.අයි.ජී හිටියේ ගාමිණී මතුරට මහත්තයා. සීනියර් ඩී.අයි.ජී හිටියේ අනුර සේනානායක මහත්තයා. මම මැරෙන මොහොතෙත් ගිහිල්ලා බැලුවා. මම කිව්වේ මේ හැමෝම උප පොලිස් පරීක්ෂක තනතුරේ ඉඳලා ආපු අය. 

 

ඔබගේ පළමු පත්වීම කොළඹ අපරාධ කොට්ඨාසයටද?

නෑ. මම ගල්කිස්ස පොලිස් මූලස්ථානයට ආවේ. කියන්න ඕනෑ අපේ පුහුණුවීම් සම්බන්ධයෙන්. ලංකා ඉතිහාසයේ පළමු වතාවට විශේෂ කාර්ය බලකා පුහුණුව ලත් කණ්ඩායමක් අපි. ඔය පුහුණුවලින් පස්සේ අපේ 10 දෙනෙක් ඉතුරු කර ගත්තා, දඟ ළමයි කියලා. පොඩි පොඩි ප්‍රශ්න තිබුණු නිසා තියා ගත්තා.

 

ගල්කිස්ස පොලිසියෙන් පස්සෙද කොළඹ අපරාධ කොට්ඨාසයට යන්නේ?

මම ගල්කිස්සේ හිටියේ මාසයයි. ඊට පස්සේ මගේ සේවය අත්හිටෙව්වා.

 

හේතුව? 

මම චාටඩ් කරන ගමන් හිටියේ. ඒත් පොලිසියට බැඳුණා. පාස් අවුට් වෙද්දි කාවවත් වැඩිපුර ගෙන්නන්න බෑ. ඒ නිසා මගේ යාළුවෝ ආවා ගල්කිස්සට මාව බලන්න. අපි කන බොන අයනේ. මම සල්ලි ලෑස්ති කරලා කන බොන තැනක් යාළුවන්ට ලෑස්ති කළා. එදා මම නිදහසේ හිටියේ. ඒත් මම හවස් වෙනකල් බොන්නේ නැතුව හිටියා. ඒත් 5.30 ට ඇමතුමක් ආවා රිසව් එකෙන් බේකරි හන්දියේ රෝඩ් බ්ලොක් එකක් තියෙනවා කියලා. මම බීලා හිටියට වෙරි නෑ. ඒ නිසා මම නාලා කරලා ඩියුටියට ගියා. ඒත් හිත දන්නවා මම බීලා කියලා. මම රාලහාමි දෙන්නටත් කිව්වා මම බීලා කියලා. කොහොම හරි කාර් එකක් චෙක් කරන්න ගිහිල්ලා රාලහාමිලා එක්ක ප්‍රශ්නයක් ඇතිවෙනවා දැක්කා. මමත් ගියා එතැනට. එතැන හිටියේ ගෑනු අය දෙන්නෙක්. ඒ අයගේ ලයිසන් එක පැහදිලි නෑ. කොහොම වුණත් ඒ ගෑනු කෙනා ගල්කිස්ස පොලිසියේ හිටපු ට්‍රුෆික් ඕ.අයි.සී අඳුරනවා. එයා ඒවත් කිව්වා. කියලා මට ෆෝන් එක දුන්නා. හිටියේ අර ඕ.අයි.සී මහත්තයා. මගෙන් උදව්වක් ඉල්ලපු නිසා මම යන්න දුන්නා. මොකද අපි නඩු ගන්න නෙවෙයි ඇවිල්ලා හිටියේ. ටිකක් වෙලා යද්දී ක්‍රයිම් බ්‍රාන්ච් එකේ ඕ.අයි.සී, එස්.අයි. එරික් කියලා කෙනෙක් හිටියේ. එයා ඇවිල්ලා රාලහාමිලා දෙන්නා ඉම්බා. මම ඇහුවා ඇයි කියලා. නෑ බීලා කියලා ආරංචියක් ආවා කිව්වා. මම කිව්වා මම බ්ව්වේ දවල් කියලා. ඊට පස්සේ මාව ඉස්සරහ ෂීට් දෙක මැද්දේ නග්ගගෙන අරන් ගියා. මම අවුරුදු දෙකකට පස්සේ දන්නේ, ඒ තමයි අත්අඩංගුවට ගැනීම කියලා.

 

වරද බීමත්ව සිටීම?

ඔව්. මාව දැම්මා ස්ථානාධිපති ගාවට. එතුමා දැන් සිටි ට්‍රැෆික් එකේ ඩිරෙක්ටර් කමල් පුෂ්පකුමාර මහත්තයා. එතුමා ගාවට දැම්මට පස්සේ එතුමා කිව්වා මාව කළුබෝවිල හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් ගාවට දාන්න කියලා. අරන් ගිහින් ඩොක්ටර් බැලුවම දැනගත්තා මට වෙරි නෑ කියලා. ඒ ලේඩි ඩොක්ටර් අරන් ගිය අයට කිව්වම, කමල් මහත්තයා කිව්වා ඩොක්ටර්ට බැරි නම් වෙන ඩොක්ටර් කෙනෙක් ගාවට දාන්න කියලා. පස්සේ අර ලේඩි ඩොක්ටර් බයවෙලා බීමත්ව සිටීමේ අන්තිම වරදට දැම්මා. ඒ තමයි "ගඳ වහනය වීම". අන්න ඒක යටතේ තමයි මාව ඉන්ටඩික් කළේ. කමල් මහත්තයා අපේ අයියගේ හොඳ යාළුවෙක්. ඒත් ඒවා ගණන් ගත්තේ නෑ. මාව කිසිම වෙලාවක කූඩුවට දැම්මේ නෑ. මම අද තමයි දන්නේ මගේ බැචා තමයි මම පැනල යයි කියලා ගාඩ් එකට දාලා තියෙන්නේ.

 

ඔබ කළ ආන්දෝලනාත්මක පරීක්ෂණ තියෙනවද?

මම කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉඳලා පසුව ගියා ෆොරින් බියුරෝ එකට. ඒ යන්න කලින්, ඔබට මතක ඇති කෝටිපති ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය. ඒ ඝාතනයේ සියලුම සැකකරුවෝ අත්අඩංගුවට ගත්තේ මම. ඊට පස්සේ මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ගියා. මාස දෙකහමාරක කාලයක් හිටියා. ඒකේ ඩිරෙක්ටර් හිටියේ මාහිංකන්ද මහත්තයා. එතුමා දැන් ඉන්නේ ඇමෙරිකාවේ.

 

ඇයි ඔබ එතැනින් අයින් වුණේ?

එතැන එක්කෙනෙක්ට පැමිණිලි 500 ක් වගේ තිබුණා. මම ඒ ෆයිල් 12 කට එනකල් අඩු කළා. ඒකේ හොඳම සිද්ධිය වුණේ ඇඹිලිපිටියේ මනුස්සයෙක් රට යවනවා කියලා 10000ක් අරන්, ඒක දීලා නෑ. ඒ මනුස්සයා ආවට පැමිණිල්ල විභාග වුණෙත් නෑ. ඇකියුස් (ඒජන්සි හිමිකරු) හැමදාම මග අරිනවා. දවසක් ඔය කේස් එක ඇවිල්ලා මම ඕක හැඩ්ල් කරලා ඇකියුස්ට ඇකියුස් වගේ සලකලා එවලෙම 10000 අරන් දුන්නා. මේක කොහොමහරි අර ඒජන්සිකාරයා එවකට ඇමැතිතුමියට ගිහින් කිව්වා. එතුමිය මාහිංකන්ද මහත්තයටයි මටයි දොස් කිව්වා. "මාහිංකන්ද ඔයාලට මෙහේ සීසීඩී එකේ තක්කඩිකම් කරන්න නෙවෙයි ගෙන්නලා තියෙන්නේ. මගේ නම කැත කරන්න එපා" කියලා. මාහිංකන්ද මහත්තයා ඊට පහුවැනිදම මාරුවක් අරන් ගියා තලංගම ඕ.අයි.සී වෙලා. මම විතරයි හිටියේ. මමත් ඇමැතිතුමියට කියලා ඉල්ලලා මාරුවක් ගත්තා. ඒ පොලිස් ගරාජ් එකට. ඒකට දඬුවම් මාරුවක්.

 

පොලිස් ගරාජ් එකේ කොච්චර කාලයක් හිටියද? 

අවුරුදු පහක් හයක් වගේ.

 

හරි මට කියන්න ඔබ කොළඹ අපරාධ කොට්ඨාසයට එන්නේ කොයි කාලෙද?

මට කොළඹ අපරාධ කොට්ඨාසයේ ලැබුණේ පාතාල ක්‍රියාකාරකම් මැඩලන්න. මම ඉස්සෙල්ලම ආවේ 2013 ජූලි 01 වැනිදා. ඊට පස්සේ ආයේ ආවේ 2021 ජූලි මාසේ 01.

 

පොලිස් ගරාජ් එකේ හිටිය ඔබ කොහොමද සීසීඩී ගියේ?

ඒක වුණේ අසාධාරණය නිසා. මගේ ගෙවල් අතුරුගිරිය පැත්තේ. මගේ වත්ත පල්ලෙහා මාළු බාන්න ආපු මනුස්සයෙක් මගේ නෝනට සද්දයක් දාලා පැටළුණා. මට ඌ ගහන්න ඇවිල්ලා මමයි නෝනයි ඌට අල්ලන් ගැහුවා. උගේ අතේ තිබුණු පිහියට මගේ කකුල කැපිලා තුවාල වුණා. මම නවගමුව පොලිසියට කිව්වට කිසිම දෙයක් වුණේ නෑ ප්‍රශ්නය වෙනකල්. ඒ ගහපු එකා තව කොල්ලෝ සෙට් එකක් අරන් ඇවිත් මට තර්ජනය කළා. උන් මම පොලිසියේ කියලා දැනගත්තේ නෑ. කොහොමහරි නවගමුවේ පොලිසියේ සාජන් කෙනෙක් ඇවිල්ලා පැමිණිල්ල ලියාගත්තම මට දැනගන්න ලැබුණා ඒ ආපු එකෙක් ෆලවර් රෝඩ් එකේ ගෑනු කෙනෙක් එක්ක එකතුවෙලා අයි.පී මහත්තයා මරපු කේස් එකේ ඉන්නවා කියලා. මම ඒ ඇකියුස්ලා දන්නවා. මොකද මම අල්ලපු නිසා. මම උගේ ගෙදරටම තනියෙන් හොයාගෙන ගියා. මම තනියම. හැබැයි උන් මම පොලිසියේ බව දැනගත්තා. ඒ දැනගෙන සමාව ඉල්ලුවා. අන්න එතැනදී මට හිතුණා ඇයි මේ එක එකාට මම චාටර් වෙන්නේ කියලා. මගේ සර් නෙවිල් සිල්වා මහත්තයා සීසීඩී එකේ අධ්‍යක්ෂ. ඊට පස්සේ මම එතුමට කතා කරලා එන්න ඇහුවා. හැබැයි ඒ වෙද්දිත් මහත්තයා එන්න කියලා තිබුණේ. අන්තිමේ ඊට පහුවැනිදම ලියුම ගහලා මාව සීසීඩී ගත්තා.

 

හරි දැන් අපි කතාවට එමු. ඔබ දේශබන්දු තෙන්නකෝන් වර්තමාන පොලිස්පතිවරයා හඳුනනවද?

නෑ.

 

ඔහු යටතේ වැඩ කරලා නෑ?

වැඩ කරලා නෑ. එතුමා එන්න කලින් මාව දන්නවා හැබැයි. එතුමා බස්නාහිර පළාත බාරව ඉන්නකොට මම සීසීඩී හිටියේ. මම කිසිම වෙලාවක හම්බවෙලා නෑ. ඒත් වැඩ බාරගන්න වෙලාවේ ගියා. ඒ හැරෙන්න අඳුරන්නේ නෑ.

 

ඔබ ටිරාන් අලස් ඇමැතිවරයා හඳුනනවද?

නෑ හඳුනන්නේ නෑ.

 

ඔබ මාකඳුරේ මදූෂ්ව හඳුනනවද?

නෑ හඳුනන්නේ නෑ. හැබැයි ඇකියුස් ගැන අහලා තියෙනවා. මම ගරාජ් එකේ ඉන්නකොට මදූෂ් හිටියේ සීසීඩී එකේ. මම බලන්න ආසා නිසා ඇවිල්ලා බලලා ගියා. මොකද මම අපරාධ විමර්ශනයට ආසා නිසා.

 

කංජිපානි ඉම්රාන් හඳුනනවද?

කලින් කවදාවත් කතා කරලා නෑ. ආදුරුප්පුවීදියේ කේස් එක යද්දී මට කතා කළා. තර්ජනය කළා.

 

කංජිපානි සහ ඔබ අතර දුරකථන සංවාදය එන්නේ ආදුරුප්පුවීදියේ සිද්ධියත් එක්ක. මොකක්ද මේ සිදුවීම?

රාජ් කියලා කෙනෙක් ඝාතනය කළා වෙඩි තියලා. ඒ කේස් එක ආවේ අපිට. මම ඒ වෙද්දි සී.අයි.ඩී එකෙන් හරක් කටා පන්නන්න හදපු කේස් එක ගැන පරීක්ෂණයක් කර කර හිටියේ. ඔය රාජ්ගේ කේස් එක වෙන්නේ මම නිවාඩු කාලේ. කේස් එක බාරදුන්නා ඇක්ටින් ඉන්න චතුරංග කියලා එස්.අයි කෙනෙක්ට. එයාට කරන්න කිව්වා.

 

මේක වෙන්නේ කොයි කාලෙද?

2024 ජනවාරි 25-26 වගේ. මට හරියට මතක නෑ දිනය. මම නිවාඩු ආපුවම කරපු පරීක්ෂණය මදියි කියලා හිතුණා. මම දවසක් ඉන්ක්වාරි එකක ඉන්නකොට ඩිරෙක්ටර් මහත්තයා කතා කරලා කිව්වා වහාම ආදුරුප්පුවීදියේ පොලිසිය ගාවට යන්න කියලා. මම ගියා. ඒ ගියේ රාජ්ට වෙඩි තිබ්බ කේස් එකේ සැකකරුවන් දෙන්නෙක්ට වස දුන්න කේස් එක සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න. ඒත් මම රාජ්ට ගහපු එක හෙව්වා. ඒ අස්සේ දෙන්නෙක් මම අල්ල ගත්තා. ඒ අල්ලගත්ත කෙනෙක්ට හක්ක කැඩෙන්න ගැහුවා කියලා මාධ්‍යයේ පවා ගියා. කොහොම වුණත් ඔය අල්ලගත්ත එකෙක් මදුරංග. උගේ ෆෝන් එකේ කංජිපානිගේ ෆොටෝ දාගෙන ඉන්නේ. මූ තමා ආදුරුප්පුවීදියේ පොලිසියේ වහ දෙන්න ගිය එකාට 5000 දීලා තියෙන්නේ මගදී.

 

හක්ක කැඩෙන්න ගැහුවේ ඔබ නේද?

නෑ. සීසීඩී එකේ ගේට්ටුවේ පැටලිලා බිම වැටිලා නිකට පලලා ගියා. හැබැයි පරීක්ෂණයෙදී තේරුණා මුට කංජිපානි තමා 5000 දෙන්න කියලා තියෙන්නේ. ඒත් දෙන්නේ මොකටද හේතුව කියලා දන්නේ නෑ. ඒ නිසා ඌට අපි ඇප දීලා යැව්වා. හැබැයි ඌ හොස්පිට්ල් ගිහින් කිව්ව මම ගැහුවා කියලා.

 

කංජිපානි ඉම්රාන් කතා කරන්නේ කොයි වෙලේද?

මෙහෙමයි. ඔය රාජ්ගේ කේස් එකට ගත්ත තවත් සැකකාරයකුගේ ෆෝන් එකට කෝල් එකක් ආවා ඉන්දියාවෙන්. ජයතිලක කියලා නම කිව්වේ. මගේ නම නිසා මම යකා නැගලා ඌට බැන්නා. පස්සෙ තමයි දන්නේ ඌ කියල තියෙන්නේ මට ෆෝන් එක දෙන්න කියලා. අන්න ඒ කෝල් එකෙන් පස්සේ තමයි මට කංජිපානි කෝල් කළේ. අර රණ්ඩුව වෙලා විනාඩි දෙකක් ගියේ නෑ.

 

මොනවද කිව්වේ?

මට ඉම්රාන් කියලා කතා කළේ. මම ඇහුවා ඉම්රාන් කියන්නේ කවුද කියලා. මට පාට් දාන්න එපා කියලා බැන්නා. අර ඒක තමා රෙකෝඩින් එක. ඒක අහන්න පුළුවන් ඕනෑ කෙනකුට. ඒක එදා ඉවර වුණා.

 

ඔබ කංජිපානිට ඇමතුම් දීලම නැද්ද?

ඔය සිදුවීමෙන් දවස් කිහිපයකට පස්සේ මම කල්පනා කළා මගේ නම්බර් එක ගියේ කොහෙන්ද කංජිපානිට කියලා. ඒ කියන්නේ කවුරු හරි දෙන්න ඇති කියලා මම හිතුවා. හිතලා මම ගත්තා කෝල් එකක් කංජිපානිට.

 

මොනවද කිව්වේ?

මට අනුන්ගේ ප්‍රශ්නවලට තරහ කරගන්න බෑනේ උන්ව. මම කතා කරලා කිව්වා කංජිපානි මම පරීක්ෂණය කරන්නේ කියලා. මම කිව්වා ඔයා කෑගැහුවට කරන්න දෙයක් නෑ, මගේ රස්සාව අනුව මම සැකකාරයෝ ලියලා තියෙන්නේ කියලා. ඌ කිව්වා සර් කතා කරපු විදිහට තමා අපි කතා කළේ. පොලිසිය යන විදිහට අපි කැමතියි. ඒත් මේ ක්‍රමයට කැමති නෑ කියලා කිව්වා.

 

ඒකේ හඬ පටය කෝ?

ඒක රෙකෝඩින් එක නෑ.

 

දෙන්නා සමාදානයට ආවද?

නෑ. මට හිතුණා කංජිපානි කියන්නේ මෝඩයෙක් නෙවෙයි කියලා. ඇත්තටම මට අදත් හිතෙනවා ඌ මෝඩයෙක් නෙවෙයි. ඌත් මගේ වයස.

 

තර්ජනයක් තිබිලා නෑනේ කංජිපානිගෙන්?

නෑ. ඊට කලින් ප්‍රශ්න දෙකක් තව වුණා. ඔය කෝල් එකෙන් පස්සේ මැසේජ් එකක් එවලා තිබුණා උඹට 25 රට යන්න දෙන්නේ නෑ කියලා.

 

මොකක්ද 25 රට යන කතාව?

මම 25 රට යන්නනේ හිටියේ.

 

ඒ කියන්නේ ප්‍රංශය බලා යන්නද?

ඔව්. මට ඒ වෙද්දි තර්ජන තව දෙක තුනක්ම තිබුණා.

 

ඔබ ප්‍රංශයට යන්න නිසි අවසරය ගත්තද?

ඔව්. මම ආරක්ෂක අමාත්‍යංශයෙන් නිසි අවසරය ගත්‍තා.

 

25 යන එක කංජිපානි දැනගෙන හිටියද කියන්නේ?

ඔව් දැනගෙන හිටියා.

 

කංජිපානිට බයේ රට පැන්නේ ඇයි එහෙනම්?

මේ මේ මේ... මම කංජිපානිට බයේ රට ආපු ගමනක් නෙවෙයි මේක. මාව තේරුම් ගන්න කියන්නේ ඒකයි.

 

මොනවද වෙන තර්ජන?

මතකද මාතර වැලිගම සීසීඩී අය පරීක්ෂණයකට ගිහින් වෙඩි හුවමාරුවක් වෙලා අපේ උපුල් නැතිවුණානේ. අන්න ඒ සිද්ධියට පහුවැනිදා ජනවාරි 1 වගේ මට මරණ තර්ජනයක් ආවා.

 

ඒ කංජිපානිද?

නෑ.

 

මොනවද කිව්වේ?

මම ඌ එක්ක බැණගත්තා. කාටවත් මා එක්ක බැණගන්නත් බෑ. ගහගන්නත් බෑ.

 

ඔබ ඔය කියන ඒවා පොලිස් පොත්වල සටහන් කරලා තියෙනවද?

අනිවාර්යයෙන්ම. ඒවායේ කොපිත් තියෙනවා. මම මේවා ආවට ගියාට කියනවා නෙවෙයි. මගේ ආරක්ෂාව නැති නිසයි මම එන්න තීරණය කළේ. මට කංජිපානි හේතුවක් නෙවෙයි.

 

ඒත් මෙහේ කියන්නේ කංජිපානිගේ තර්ජන නිසා ආවා කියලනේ?

නෑ නෑ... එහෙම නෑ. මම මේ රජයට කිව්ව ඒවත් කියන්නම්. අපේ රජය කිව්ව ඒවත් කියන්නම්. මගේ ජීවිතේ අනාරක්ෂිත නිසා මම ආවේ. කංජිපානි කියන්නේ එක්කෙනෙක් විතරයි.

 

කංජිපානි ඉම්රාන් මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්නවා කියලා ඔබට අහුවෙලා තියෙනවද?

කොයි වෙලාවකවත් නෑ.

 

කංජිපානි ගැන පරීක්ෂණ කළාද?

නෑ නෑ. මම සීසීඩී ඉන්න කාලේ එයා හිටියේ නෑ එළියේ.

 

දැන් ඔබ ගැන විස්තර කල්ලිවලට ගියේ කොහොමද?

පොලිසිය ඇතුළෙන් ගියේ. මම අපරාධකාරයෝ ආශ්‍රය කළේ නෑ.

 

කංජිපානි එක්ක කරපු සංවාදය එළියට දාන්නේ ඔබනේ?

ඔව් මම දාන්නේ.

 

ඇයි දාන්න හේතුව?

මම ප්‍රංශයට ආපුවම මැසේජ් එකක් ආවා "උඹ රට ගියාට ගෑනියි ළමයයි ලංකාවේ දාලා නේද ගියේ" කියලා අහලා.

 

ඔබ මෙහෙන් යන්න කලින් පවුලට තර්ජනය කරලා තිබුණේ නැද්ද?

ඊට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා ගෑනි මරනවා, ළමයා මරනවා කියලා. මම ඕකේ වැඩ බාරගත්තේ හිටපු ඕ.අයි.සීට තර්ජනයක් තියෙද්දි. එයා යන පාරවල් පවා බලලා තිබුණා.

 

මොකක්ද ඔබේ ඒකකය?

මම සීසීඩී එකේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති. මට තර්ජන තිබුණා.

 

ප්‍රංශයට ඇවිල්ලා ඔබ දේශපාලන ආරක්ෂාව පතන්නේ කොච්චර කාලෙකට පස්සෙද?

සතියකට පස්සේ. අර ප්‍රංශයට ආපු මැසේජ් එක මගේ වයිෆ්ගේ ෆෝන් එකටත් ගිහින් තිබුණා. වයිෆ් ඒක ඩිලීට් කරලා. වයිෆ් ඊට පස්සේ යාළුවකුට කතා කරලා. මගේ යාළුවෙක් ඉන්නවා මහියංගණයේ, ඒ ගෙදර ගිහිල්ලා. එහේ තමා හිටියේ.

 

වයිෆ් එහෙම හැංගෙන්න තිබුණු තර්ජනය මොකක්ද?

නෑ එයාට හොඳ අවබෝධයක් තියෙනවා අපරාධකරුවන් සම්බන්ධයෙන්. ඒ දේවල් මම කියා දීලා තිබුණෙ.

 

හරි දැන් මට කෙළින් කියන්න. කංජිපානිට කැරොකේ වසන්ත ඝාතනය කරන්න උපදෙස් දුන්නේ ඔබ කියලා චෝදනාවක් තියෙනවා. ඒක ඇත්තද?

මට කියන්න තියෙන්නේ මම කංජිපානිට රුපියලක දෙයක් කරලත් නෑ, කංජිපානි මට රුපියලක දෙයක් කරලත් නෑ.

 

වසන්ත ඝාතනයට හේතුව මොකක්ද?

අර අපේ සීනියර් ඩී.අයි.ජී ප්‍රියන්ත ජයකොඩි මහත්තයා කියනවා වගේ ආර්ථික ගැටලුවක් ඒක. සල්ලි ප්‍රශ්නයක් පේනවා.

 

සාක්ෂි නැතිවෙන්න ෂූටර්ලට පැනලා යන්න පොයින්ට්ස් දුන්නේ ඔබ කියලා කියන්නේ මේ රටේ ඇතැම් මාධ්‍ය?

ඒ නිසානේ මම පහුගිය ටිකේ මාධ්‍යයට කතා කරලා ෆයිට් කළේ. ඒකනේ මම ඔයාටත් කතා කළේ. මම මාස පහක් සද්ද නැතුව හිටියා. මේක මගේ පිටින් දාන නිසයි කතා කළේ.

 

ඇත්තද කංජිපානි එක්ක බෝට්ටුවක පාටියක් දැම්මා කියන්නේ ඔබ?

මම තවම අරක්කු බොන්නේ නෑ. අනික මට තවම බෝඩර් ක්‍රොස් කරන්න බෑ. ඉතාලියට ගියා කියලා කියනවනේ. එහෙම ගියා නම් ඔප්පු කරන්න කියනවා.

 

කංජිපානියි ඔබයි ඉන්නේ එකම කාමරේද?

මට වීඩියෝ කෝල් එකක් ගන්න. මං එක්ක ඉන්නේ වෛද්‍යවරයෙක්. අපිට ගෙවල් දීලා තියෙන්නේ මේ රජයෙන්.

 

ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ. ඇයි ඔබව ගෑවෙන්නේ?

මම කියන්නේ එක්කෝ අල්ලගත්ත සැකකරුවෝ එළියට දාන්න බෑ. නැත්නම් සැකකරුවෝ අල්ලගන්න බෑ. ඕකයි ප්‍රශ්නය. දුර්වලකමක්.

 

ඔබගේ වැඩ නිසා පවුලේ අය විඳවනවා ඇත්තේ?

ඇත්තටම මගේ දුවගේ පන්ති භාර ගුරුවරු ඉතාම ආදරෙන් ඇයව බලාගන්නවා. ආරක්ෂා කරනවා. ඒ ටීචර්ට මල් තියලා වඳින්න ඕනෑ. ඒ අයට මම පින් දෙනවා.

 

ඔබට මේ චෝදනා පොඩි දේවල් නෙවෙයි?

මම මේවා මකන්න උත්සාහ ගන්නේ නෑ. මේ ඉන්ටවිව් එක බලපුවම මිනිස්සු තේරුම් ගනියි ඇත්ත මොකක්ද කියලා.

 

ප්‍රංශයට ඔබව ගෙන්න ගත්තේ කංජිපානිද?

අනේ දන්නේ නෑ මම ඒ කතා. මම කියන්නේ කංජිපානි ප්‍රංශයට ආවා කිව්වනේ කෙනෙක් කවුරු හරි, අන්න එයාගෙන් ප්‍රශ්න කරන්න. එතකොට හොයාගන්න පුළුවන් කතාව. මගේ ගැන කියන කතා ටිකයි, ඔය කංජිපානි රට ආවා කියන කතාවයි ලියන මාධ්‍යවේදියෝ ගෙනල්ලා ප්‍රශ්න කළා නම් දැනගන්න පුළුවන්නේ ඇත්ත.

 

ඇයි ඔබට බැරිද කියන්න?

මට දෙන්න පරීක්ෂණය, මම ඔක්කොම ඔප්පු කරන්නම්. ඝාතන සිදුවීමේ ඉඳලා.

 

ඒ කියන්නේ මේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා දන්නවා ඔබ?

ඔව් මම දන්නවා. මට තේරෙනවනේ. මම මේ කාටවත් බය නෑ.

 

කංජිපානි හිටියොත් ඔබ ගේනවා කියලා තිබුණා. පුළුවන්ද?

අනිවාර්යයෙන්ම. ඒකට අවශ්‍ය බලය ඕනෑ. මට අත්අඩංගුවට ලියුමක් සහ ගුවන් ටිකට්පතක් ඕනෑ ඒ විදිහට.

 

ඔබ දේශද්‍රෝහියෙක් වෙලා ඉවරයි මේ සමාජයට. ගොඩක් අය බණිනවා?

මෝඩ මිනිස්සු එහෙම ඇති. මොළයක් තියෙනවා නම් ඒ මිනිස්සු ඇත්ත දන්නවා.

 

ඔබ ලංකාවට එන්න ලෑස්තිද?

ඔව්. සිස්ටම් එක වෙනස් වෙනවා නම් මම එනවා. පොලිසිය වෛරක්කාරයෙක් වෙලා ඉන්නේ. ඒක වෙනස් කරන්න ඕනෑ.

 

ඔබ සම්බන්ධයෙන් යම් අත්අඩංගුවට ගැනීමකට සූදානම් වුණොත් මොකද කරන්නේ?

මාව අත්අඩංගුවට ගන්න බෑ. මම වරදක් කරලා නෑ. මට කරදරයක් කළොත් ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වෙන්නේ.

 

ඔබට පොලිසියේ අය තවම කතා කරනවද?

ඔව්. රාලහාමිගේ ඉඳලා සීනියර් ඩී.අයි.ජී වෙනකල් කතා කරනවා. හෙට සමහර විට කියයි චක්‍රලේඛයක් ගහලා මට කතා කරන්න එපා කියලා. ඒකට කමක් නෑ.

 

දැන් ලංකාවේ පාතාලය පෝස්ටර් ගහනවා. දන්නවද?

පරීක්ෂණ කරන කෙනෙක් මට කතා කරන්න. මම ඒක හොයාගන්න හැටි කියන්නම්.

 

පාතාලය එක්ක ගනුදෙනු කරනවා නම් සල්ලි හම්බවෙනවනේ. ඔබට සල්ලි කොහෙන්ද රටට එන්න කියලා අහන්න පුළුවන්? 
මට මහ සල්ලියක් නෑ. මම අමාරුවෙන් හොයාගත්ත පොඩි සල්ලි ප්‍රමාණයක් තියෙනවා. කාට හරි ඔප්පු කරන්න කියන්න මම එහෙම සල්ලි ගත්තා නම්. මම මේ රටේ ඉඳලවත් අපරාධකාරයකුට අබ මල් රේණුවක උදව්වක් කරලා නෑ.

 

ඔබට අමාත්‍ය ටිරාන් අලස් අභියෝගයක් කළා ඊයේ?

මම ප්‍රංශයට ආවේ පාඩුවේ ඉන්න. ඒ ඇවිල්ලා එක්කෙනෙක් මැසේජ් එකක් එවලා පොලිස්පතිතුමාට උත්තර බඳින්න වුණා. පස්සේ මේ වසන්තගේ ඝාතනයත් එක්ක ඇමැතිතුමාට උත්තර බඳින්න වුණා මං ගැන. මට තවත් පාඩුවේ ඉන්න නොදුන්නොත් ජනාධිපතිතුමාට තමයි ප්‍රංශ රජයට උත්තර බඳින්න වෙන්නේ. ඒ නිසා මම දේශපාලනඥයන්ගේ කතාවලට උත්තර දෙන්නේ නෑ. මට අවශ්‍ය කරන දේවල් දෙන්න ඕනෑ දෙපාර්තමේන්තුවක් හැටියට. එහෙම දුන්නොත් මම කරන්නම්.

 

@ගයාන් ගාල්ලගේ

උපුටාගැනීම - Deshaya

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි