SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රජයේ රූපවාහිනියක සභාපති/අධ්‍යක්ෂ ජනරාල් ධුරය හොබවන මහාචාර්යවරයෙකු විසින් මැතිවරණ කොමිසමේ උපමාන සියල්ල පසෙක දමා,

පොහොට්ටු වෘත්තිය සමිතියේ අවශ්‍යතාව මත අනීතිකව කලකට පෙර අයදුම්පත් කැඳවූ අයවලුන්ට සම්මුඛ  පරීක්ෂණ පවත්වා ඇතැයි කසු කුසුවක් පැතිර යමින් ඇත.

 

එහි අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් කියැවෙන්නේ මෙම පරීක්ෂනයට අනුව ඉදිරි සතියේ තනතුරු දීමට සුදානම් වන බවය.

 

කෙසේ වුවද  අමාත්‍යවරයාගේ අවශ්‍යතාව මත මෙය සිදුකරන බව අදාළ මහාචාර්ය සභාපතිවරයා කියා ඇතත් අමාත්‍යවරයා මේ කිසිවක් නොදන්නා ඔහු පැවසූ බව අදාළ ආයතනයේ නිළධාරීන්ගේ මතය වී ඇත.

 

නව පත්කිරීම් මැතිවරණ දැන්වීම ප්‍රකාශය පෙර සිදුකිරීමට සියලු වෙර දරන සභාපති, ආයතනයේ මුල්‍ය තත්වය පිළිබඳව කිසිදු තැකීමක් නොකරන බවත්  රුපවාහිනියේ සිටින නමගිය නීලකාස හොරුන් ටික නැවත වරක් සුපුරුදු ලෙස තමන්ගේ හොරකම් ටික කරගෙන යන බවත් අදාළ රූපවාහිනියේ ආරංචිමාර්ග කියයි.

 

තවද  පසුගිය සතිය පුරාවට පුහුණුවන නිලධාරීන් ලෙස දස දෙනෙකු පමණ බදවා ගෙන ඇති අතර සියලු දෙනා සභාපති මහාචාර්යවරයාගේ ගමේ වීම විශේෂ සිදුවීමක් නොවේදැයි ආයතනයේ නිළධාරීන් කියා ඇත.

 

මෙම ආයතනය තුළ කලක පටන් පැවති ඒකක වල ස්ථාන මාරු කරමින් ඒවා නැවත සකස් කිරීමට අතිවිශාල මුදලක් යට කරන අතර කිසිදු ආකාරයක වැඩසටහන් වල ගුණාත්මක භාවයක් ඇති  නොකර නිකරුනේ මුදල් කාබසිනියා  කරමින් සිටින බවට මීට පෙර සභාපතිවරයාගේ කාලය තුළ ද කතාබහට ලක්විය.

 

මෙම රූපවාහිනී ආයතනය කාලෙක සිට ජල විදුලි  බිල්පත ගෙවාගැනීමටත් නොහැකි තරම් බංකොලොත් වී ඇති බවත් දැනට මාස දෙකකටත් පෙර බිල්පත් නොපියවීම නිසා  විදුලිය සම්පූර්ණයෙන්ම කපා හැර තිබූ බවත්  සඳහන්ය.

 

#Gossip

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි