SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ලබන 23 වෙනිදා නිදහස් චතුරස්‍රයේදී

තමා ජනාධිපති අපේක්ෂකයෙකු බව ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

 

ලංකාවේ දේශපාලනය  තීරණය කරන්නේ සංඝ රත්නය බවත් ‌බෞද්ධ භික්ෂූන් වහන්සේලා තමාට සහයෝගය ලබාදෙන බවත් පවසන අධිකරණ ඇමතිවරයා ලංකාවේ ජනමතය කියන්නේ හාමුදුරුවරුන් බවත් පවසා ඇතැයි එකී ආරංචිමාර්ග පවසයි.

 

විජේදාස අඩියක් පස්සට..

මට වඩා එතුමා බලවත්.. විජේදාස කියයි..

 

කෙසේ වුවද පසුගියදා අධිකරණ අමාත්‍යවරයා ලෙස තම ලේකම්වරයාට කැබිනට් සංශෝධනයන් සහිත ව්‍යවස්ථාව ගැසට් කිරීම මැතිවරණය පවත්වන තුරු ප්‍රමාද කිරීමට තමා දන්වා ඇති බව විජේදාස රාජපක්ෂ පැවසුවේය.

 

එහෙත් එම ප්‍රකාශයෙන් දිනකට පසුව ඔහුගේ තීරණය පසෙකට දමා ජනාධිපතිවරයා අධිකරණ ලේකම්වරයා වෙත දැනුම්දීමක් අනුව නිකුත් කළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පවසන්නේ තමාට වඩා ජනාධිපතිවරයා බලවත් බව පිලිගන්නා බවයි.

 

එසේම  මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැහැදිලි ලෙස දැනුම්දීමක් ජනාධිපතිවරයා සිදු කර ඇති නිසා මේ ගැන අන් අය කරදර විය යුතු නැති බවත්, තමාටද එය ගැටළුවක් නොවන බවත් ඔහු පවසයි.

 

මේ අතර සුපුරුදු ලෙස මෙවරත් ජනාධිපති අපේක්ෂකයින්ට  සිහින ලබාදී ඇත්තේ අනුරාධපුරයේ ඥාන මෑණියන් බවත්, විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ ජනාධිපති සිහිනයත් අනුරාධපුර ඥාන මෑණියන්ගෙ තවත් ආශීර්වාදයක් බවත් සමාජ මාධ්‍ය ගොසිප් තුළ සඳහන් ව ඇත.

 

ඥාන මෑණියන් යනු ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළත් ගෝල්ෆේස් අරගල කාලය තුළත් විවාදයට ලක්වුනු චරිතයක් වන අතර කුමන තත්වයන් යටතේ වුවද නැවතත් ඇය කරළියට පිවිස ඇති බවත් බොහෝ දේශපාලකයින් තවමත් ඇය හමුවට යන බවත් එකී ආරංචිමාර්ග පවසයි.

 

@ඉවෝන් ප්‍රියංකා

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි