SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

රට පුරා පැවැත්වෙන ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා එම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

 

දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා මර්දනයට රජය ගත් දැඩි පියවර හමුවේ පුද්ගලයින් 50කට වැඩි දෙනෙකු මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා ඇත.

 

රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට පාසල් සහ විශ්වවිද්‍යාල වසා දැමීමටද රජය පියවර ගෙන ඇත.

 

කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ රූපවාහිනී නාලිකාවට ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලු ම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා ඇති බව වාර්තා වේ.

 

රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතාද අවහිර කර තිබේ.

 

සිසුන් මෙලෙස විරෝධතාවේ නිරත වන්නේ, 1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

 

මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018 දී බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබුණත් මහාධිකරණ තීන්දුවක් පදනම් කරගනිමින් එය යළි පණගැන්වීමට රජය උත්සාහ කිරීම මේ විරෝධයට පදනම් වී තිබේ.

 

 

@Adaderana

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි