SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීළඟ ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවති සාකච්ඡා අසාර්ථක වී ඇතැයි බැසිල් හිතවාදී වෙබ් අඩවියක් කියා ඇත.

 

ජනාධිපතිවරයා විසින් පොදුජන පෙරමුණේ යෝජනාවලට දක්වා ඇති ප්‍රතිචාරය ප්‍රමාණවත් නොවීම නිසා නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බව පොහොට්ටු ප‍්‍රකාශකයෙකු දන්වා ඇති බව එහි සඳහන් ය.

 

ජනාධිපතිවරණයට තමන් තරග කරන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිල වශයෙන්ද තම පක්ෂය දැනුවත් කළහොත් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා මහින්ද බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හැකියාව පැවති නමුත් දැන් සිදුවෙමින් ඇත්තේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගේ හිතවාදී පිලට බාගැනීම බවත් පක්ෂයේ අදහස වී ඇතැයි සඳහන්.

 

පවතින තත්ත්වය තවදුරටත් වෙනස් නොවන්නේ නම් පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු නම් කිරීම නොවැළැක්විය හැකි තත්ත්වයට පත්වනු ඇති බවද අදාළ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා ඇත.

 

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් පාර්ශ්වයන් දැනුම් දෙන්නේ මෙවර රනිල් වික්‍රමසිංහ තරඟ කරන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් බවය.

 

එසේම පොහොට්ටුව හා එක්වුවහොත් රාජපක්ෂ විරෝධී විශාල පිරිසක් ඔහුට අහිමි වන අතර, දැනට සිටින මන්ත්‍රී සංඛ්‍යාව ගැන බලා ජනමතය තීරණය කළ නොහැකි බවයි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ.

 

එළැඹෙන සතියේ මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණ දින ප්‍රකාශයට පත්කිරීමත් සමග මාධ්‍ය හරහා විශාල ප්‍රචාරණ මෙහෙයුමක් ඇරඹෙන බවත් තවමත් තීරණයක් නොගත් ඡන්දදායක මනස ඒ හරහා නව වෙනස්කම්වලට හසුවිය හැකි බවත් විශ්ලේෂක මතය වී ඇත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි