SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබී පැය 48ක් ගෙවී ඇති මොහො‌තේ

මැතිවරණ කොමිසමට දැඩි දෝෂාරෝපනයක් එල්ල වූයේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීම ගැනය.

 

කෙසේ වුවද අද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුම් දී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය සකස් කර ගැනීම සඳහා කල් ගත් බවත් එය කොමිසම විසින් රාහු කාලය බැලීමක් නොවන බවත් ය.

 

ඒ අනුව එළැඹෙන සතියේ අනිවාර්ය ලෙසම ජනපතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කරන බව විශ්වාසයෙන් යුතුවම ප්‍රකාශ කරන බව සභාපතිවරයා මාධ්‍ය වෙත දැනුම් දී ඇත.

 

මේ අතර ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් 22 වන සංශෝධනය ගැසට් නොකරන ලෙස අධිකරණ ඇමති අමාත්‍යංශ ලේකම්ට දන්වා ඇතැයි වාර්තා වේ.

 

ජනාධිපතිවරණය පවත්වා අවසන් වන තෙක් දැනට කැබිනට් අනුමැතිය හිමිවී ඇති 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමෙන් වළකින ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

marrikkar

නවතම ලිපි