SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2005 වසරේ සිට ජවිපෙ බලය යටතේ පවත්වාගෙන යනු ලබන අකුරැස්ස සමුපකාරය විසින් කෝටි 17ක වියදමින් මහල් 05ක රෝහලක් ඉදිකිරීම අරඹා ඇත.

අකුරැස්ස නගර මධ්‍යයේ ඉදිවන මෙම සමුපකාර රෝහල වෙනුවෙන් පසුගිය 17 වෙනිදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් මුල් ගල තබනු ලැබීය.

 WhatsApp Image 2024 07 18 at 12.02.071

 

නිවැරැදි නායකත්වය, කැපවීම හා සමූහිකත්වය සහිතව නැගිටින්නේ නම් බංකොලොත් රටක වුවද ලාභ ලබමින්  ජනතාවට ඉහළ මට්ටමේ සේවා සැපයිය හැකි බවත් මේ ආදර්ශය අකුරැස්ස සමුපකාරය විසින් සමාජයට ලබා දෙමින් සිටින බවත් මෙහිදී අදහස් දක්වමින් විජිත් හේරත් ප්‍රකාශ කරයි. මේ ආකාරයටම හැකියාව, දක්ෂතාව සහ කැපවීම සහිත, රට ගොඩ නැගීමේ සැබෑ අවශ්‍යතාවයක් ඇති පුරවැසියන්ගේ එකතුවක් වූ ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ අභියෝගයද බාරගත හැකි බව විජිත හේරත් වැඩිදුරටත් කියා ඇත.

 

WhatsApp Image 2024 07 18 at 12.02.06

 

අකුරැස්ස විවිධ සේවා සමිතියේ ආරාධනය පරිදි මේ අවස්ථාවට දකුණු පළාත් සමුපාකාර සංවර්ධන කොමසාරිස් කේ.පී.ජි.සුමිත් ශාන්ත ප්‍රධාන සමුපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින්, කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව ගරුසිංහ, අකුරැස්ස දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී මානක විදානපතිරණ ප්‍රධාන වෛද්‍යවරුන්, අකුරැස්ස,අතුරලිය,මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම්වරියන්, ප්‍රාදේශීය සභා ලේකම්වරුන්, ව්‍යාපාරික ප්‍රජාව, සමුපාකාර කාර්යමණ්ඩලය, සාමාජිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් ඊට එක්ව ඇත.

 WhatsApp Image 2024 07 18 at 12.02.061WhatsApp Image 2024 07 18 at 12.02.07

@මාධ්‍ය ඒකකය

marrikkar

නවතම ලිපි