SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වය දරන ''මානුෂීය ජනතා සංධානය'' පක්ෂයේ නියෝජිතයින් පිරිසක් සහ

සමගි ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (16) පෙරවරුවේ පැවැත්විණ. 


විපක්ෂ නායක කාර්යාලයේ පැවති එම සාකච්ජාවට දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහභාගී වී නැතත්, ''මානුෂීය ජනතා සංධානය'' පක්ෂයේ නියෝජිතයින් සහභාගිවී ඇත්තේ ඔහු ගේ උපදෙස් මතය.

සමගි ජන බලවේගය වෙනුවෙන් එම පක්ෂයේ මහ ලේකම්, රන්ජිත් මද්දුම බණ්ඩාර හා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරුන් දෙදෙනාත්, සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ හා විපක්ෂ නායකවරයගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලක්ෂමන් ෆොන්සේකා මෙම සාකච්ජාවට එක්ව තිබේ.

ඉතා සුහඳව පැවති මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරනයේදී සජිත් ප්‍රේමදාස වෙත සහය දැක්වීමට ''මානුෂීය ජනතා සංධාන' නියෝජිතයින් එකඟවී ඇතැයි පැවසේ. 

1994 ජනාධිපතිවරණයෙන් පසුව සිංහල - දෙමල හා මුස්‌ලිම් සියලු ශ්‍රී ලාංකීය ජනතාවගේ ආශිර්වාදය යටතේ ජනාධිපති ධුරයට පත්වන ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස බව රන්ජිත් මද්දුම බණ්ඩාර මෙහිදී අවධාරණය කර ඇත. 

 

ආර්ථික, දේශපාලනික, සමාජයීය විප්ලවයක් අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්වරයකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර ගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී පසුගිය මාර්තු 20 සිදු කෙරිණි.

එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර මේ අවස්ථාවට සමඟි ජනබල වේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විද්වතුන් රැසක් එක්ව සිටියහ.

ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බව දයාසිරි ජයසේකර එහිදී පැවසිය.

 

@උපුටාගැනීම Theleader

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි