SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිතුමන් නුවර රැළියේදී කළ යෝජනාව තම පක්ෂය නිහතමානීව ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අද (ජුලි 16 අඟහරුවාදා)

නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

 

ඒ අද පෙරවරුවේ සජබ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

 

- රනිල් දිනවන්න එජාපයට යාන්ත්‍රණයක් නෑ.

- මෙන්න අලුත්ම සමීකෂණ ප්‍රතිපලය. උතුරු, බස්නාහිර හා නැගෙනහිර පළාත්ද ඇතුළුත් සම්පූර්ණ වාර්තාව.

- මහින්දානන්ද, ප්‍රසන්න, රත්තරං එක්ක ඔබතුමා හිටියට අපිට ඉන්න බෑ....

- වර්තමාන දේශපාලන පිටියේ සත්ජාතිකත්වයෙන් රට පාලනය කළ හැකි එකම නායකයා සජිත්.

- පන්ති භේදය හා කුල භේදය නිසා රනිල්ට තියෙන බද්ධ වෛරය සජිත්ට ජනාධිපති වෙන්න ඉඩ තැබුවෙ නෑ. මෙවර ඒක වෙනස් වෙනවා.

 

තමා ප්‍රමුඛ එජාප ප්‍රබලයින් සියලු දෙනා එම පක්ෂයෙන් ඉවත්ව, අලුත් පක්ෂයක් ගොඩනගා, සජිත් ප්‍රේමදාස මහතා එහි නායකත්වයට පත් කර, ජනතාවාදී ප්‍රගතිශීලී වසර 5කට ආසන්න දේශපාලන කාලයක් ගත කිරීමෙන් පසු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපති බවට පත් වීමට ඉතා ආසන්න මොහොතක අප විසින් එජාප සාමාජිකත්වය ලබා ගන්නේ කුමකටදැයි මරික්කාර් මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කර සිටියේය.

 

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙන් රටේ ආර්ථිකය විනාශ කළ දේශපාලකයන් පෙරටුව මහින්දානන්ද, රත්තරං, ප්‍රසන්න රණතුංග, මිරිස් කුඩු ප්‍රසන්න ආදීන් සමග එක්වීමට සජබයේ සැබෑ ජනතා නියෝජිතයන්ට හැකියාවක් නොමැති බවත්, ලැජ්ජාවක් ඇති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

 

2015 දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායමට විශ්වසනීය ජන වරමක් හිමි වුවත්, එම පාලන කාලයේ සිදු වූ මහ බැංකු කොල්ලයත්, පෙර පැවති පාලනයේ දූෂිතයන් රැකීමත් හේතුවෙන් එජාපය ජනතා අප්‍රසාදයට පත් වූ බව හා එහි ප්‍රතිපලයක් ලෙස සමගි ජන බලවේගය බිහි කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය. යහපාලන යුගයෙන් පසු එජාපයට ඉතිරි වූ වජිර අබේවර්ධන, රවී කරුණානායක, අකිල විරාජ්, රංගේ බණ්ඩාර වැනි චරිත පිළිබඳවද මෙහිදී නැවත මතක් කර දුණි. සාමාන්‍යයෙන් මැතිවරණයක් වෙනුවෙන් ලංකාවේ ඡන්ද මධ්‍යස්ථාන සංවිධාන කිරීම, කාර්‍යාලයක් ස්ථාපනය කිරීම, ආසන මට්ටමෙන් රැස්වීම පැවැත්වීම තබා ගෙන් ගෙට යාම හෝ පෝස්ටරයක් ඇලවීම හෝ දක්වා කිසිදු යාන්ත්‍රණයක් මේ වන විට එජාපය මගින් සිදු නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

 

අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව වෙත ජනාධිපතිවරණයේ තීරක බලතල හිමි වෙද්දී මැතිවරණ ව්‍යාපාරයකට නොගොස් ධුරය රැක ගැනීමට විවිධ උපක්‍රම යොදන්නේ එනිසා බවයි මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. ජනාධිපති ධුර කාලය පිළිබඳ සිව් වන වරටත් ඊයේ (ජුලි 15 සඳුදා දින) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය මතය පැහැදිලිව දක්වන ලදී.

 

එමෙන්ම මේ වන විට බස්නාහිර පලාත, නැගෙනහිර පලාත, උතුරු පලාත ඇතුළු සමස්ත දිවයිනම ආවරණය කළ ජනාධිපතිවරණ පූර්ව සමීක්ෂණ වාර්තා සියල්ල මගින් පෙන්වා දී ඇත්තේ වර්තමානයේ වැඩිම ජනප්‍රසාදය ඇත්තේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබයට බවයි. 22%ක්ව පැවති ජවිපෙ ජනතා කැමැත්ත 15% දක්වා අඩු වී ඇත. ජනාධිපතිතුමන් හා පොහොට්ටුව වෙත පැවති ජනතා කැමැත්ත කිසි ලෙසකින් නොවෙනස්ව ඉතා අඩු අගයක පවත්නා බවත් මන්ත්‍රීවරයා හෙළි කළේය.

 

ඊයේ (ජුලි 15 සඳුදා දින) මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවේ ඡායාරූපයක් මාධ්‍ය වෙත දක්වමින් එස්. එම්. මරික්කාර් කියා සිටියේ මෙරට සියලු ආගම් නියෝජනය කරන ජනතාව අද වන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙන බවයි. අදාළ ඡායාරූපයේ සජබ නායක සජිත් ප්‍රේමදාස දෙපස රිෂාඩ් බදියුදීන් හා සෙල්වම් අඩෛකලනාදන් යන මහත්වරුන් අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබුණි. එම ඡායාරූපයෙන් නිරූපණය වන පරිදි මෙරට, මේ මොහොතේ, වර්තමාන දේශපාලනය තුළ සත්ජාතිකත්වයෙන් රට පාලනය කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා  බව මෙහිදී අවධාරණය කෙරිණි.

 

මෙලොව සියලු ආගම් ශාස්තෲන් වහන්සේ දේශනා කර ඇති පරිදි, මෙරට සියලු ආගමික නායකයන් පෙන්වා දී ඇති පරිදිත් කරුණාව හා ආදරය පෙරදැරි කරගත්, ජනතාවාදී මෙන්ම දේශානුරාගී නායකයා අන් කවරෙක්වත් නොව සජිත් ප්‍රේමදාස මහතා බවද එස්. එම්. මරික්කාර් මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

 

@පබසර රෝහණ

මාධ්‍ය ඒකකය

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි