SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ  සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න පවසා ඇත.

 

එදා කවුරුත් මහින්ද රාජපක්ෂ ට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කරයි.

 

සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා  යුද්ධ වෙලාවේදී තමා  එදා ආණ්ඩුවට  ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද  ප්‍රකාශ කළේය.

 

“ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ  තීන්දුවක් නෑ.  තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම අාපහු  කැඳවනවා කියලත්  කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් මම  කිව්වා

යැයි රාජිත කියයි.

 

තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ  තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කරයි.

 

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී  නාලිකාවක් සමඟ ඊයේ ( 15)  රාත්‍රී පැවති සාකච්ඡාවකදීය.

 

@ලංකාදීපය ඇසුරින්

නවතම ලිපි