SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බව

රට හිතෙන හැටි සමීක්ෂණයේ නවතම ප්‍රතිඵලවලින් අනාවරණය වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි.

 

පෙබරවාරි මාසයේදී සියයට 7 ක්වූ ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ජූලි මාසය වනවිට සියයට 24 දක්වා ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවසීය.

 

veritas

 

එසේම වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට විශ්වාස කරන පිරිසද පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසය වනවිට තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කරයි. පෙබරවාරි මාසයේදී වර්තමාන ආර්ථික තත්වය හොඳ හෝ විශිෂ්ඨ මට්ටමක පවතින බවට සියයට 9ක ප්‍රමාණයක් විශ්වාස කළ බවත් එය ජූලි මාසයේදී සියයට 28 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

 

රටේ ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කරන පිරිසද තුන්ගුණයකින් ඉහළ ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කර ඇත. පෙබරවාරි මාසයේදී ආර්ථික තත්වය යහපත් අතට හැරෙමින් පවතින බවට විශ්වාස කළ සියයට 9 ක පිරිස ජූලි මාසය වනවිට සියයට 30 දක්වා වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි.

nalan mendis

nalan mendis

නවතම ලිපි