SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුනුවිසුනු වෙන්න..!” “හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා..!” “රැළිවලට අහුවෙන්න එපා.

කළමනාකරණ හැකියාව ගැන හිතන්න. සාම්ප්‍රදායික පක්ෂ නායකයො කළේ අපව රැවටීම විතරයි. ශක්තිමත් බලවේගයක් පමණක් නොවෙයි, බුද්ධිමත් නායකත්වයක් ද අවශ්‍යයි..!”

 

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව, පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ ප්‍රධානත්වයෙන් මහරගම, තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී අතිශය විචිත්‍රවත් සංස්කෘතිකාංගයන් වලින් ද සමන්විතව විශාල ජන සහභාගීත්වයක් සහිතව සාර්ථකව පැවැත්විණ.

 

එහිදී අදහස් දැක්වූ ජනරජ පක්ෂයේ නායක පාඨලී රණවක ඉතිහාසයේ පටන් දේශපාලනයට චණ්ඩින් පාතාලයන් එක්ව සිටි බව සිහිපත් කළේය. සේනානායක, බණ්ඩාරනායක, පොන්නම්බලම් මහත්වරුන් ළඟ පිළිකන්නේ චණ්ඩි සිටි බවත්, ඔවුන් නිවසට වද්දා නොගත් බවත් ජේ.ආර්. ජයවර්ධන මහතා චණ්ඩින්ව ජාතික සේවක සංගමය හරහා ගොඩනගමින් සිරිකොත කුස්සියට ගෙන ආ බවත්, ප්‍රේමදාස මහතා විසින් ඔවුන් සාලයටම ගෙන්වා ගත් බවත් මතක් කළේ ය. ඒ කාලයේම රතු චණ්ඩි රතු පාතාලයක් නිර්මාණය කළ බවත්,  ප්‍රා වැනි කල්ලිවල ද චණ්ඩි සිටි බවත් මහින්ද රාජපක්ෂ විසින් මේ පාතාලය රටේ ඉහළම තලයට ගෙනැවිත් පක්ෂය, රාජ්‍යය සහ පාතාලය එක්කළ බවත් රණවක මහතා පෙන්වා දුන්නේය. අද වන විට චණ්ඩි පාතාලය ක්‍රමයෙන් දේශපාලනය, මාධ්‍ය, මූල්‍ය පද්ධති, රාජ්‍යය, ව්‍යාපාරික ලෝකය ගිලගෙන දේශපාලන පාතාලයක් නිර්මාණය කර තිබේ. මෑත දී සිදුවූ ඉහළම වංචාව කටුනායක IVS වීසා මංකොල්ලය උදාහරණ ලෙස ගෙනහැර පෑවේය.

 

WhatsApp Image 2024 07 15 at 12.45.151

“රතු පාට කට්ටියට අද පොලිස් ඇමැතිට නමවත් මතක ද? ඊට හේතුව දේශපාලන පාතාලය අද රටේ සෑම අස්සක මුල්ලකම පැතිරිලා. මේ රටේ සමාජ පාතාලයත්, දේශපාලන පාතාලයත් මැඩපවත්වලා රට කුසලතා පූර්ණ පරපුරට භාරදෙන්නයි එක්සත් ජනරජ පෙරමුණ එන්නේ.

 

මාසයක් ජීවත් වෙන්න 17.000 – 4 දෙනෙකුට 65,000 ක් විතර යනවා අවම ජීවිතය ගෙනියන්න. රජයේ සේවකයන්ට පාසල් ගුරුවරයට පුලුවන්ද.. ? රාජ්‍ය සේවයේ හැමතැනම වේදනාව, අතෘප්තිය පැතිර ගිහින් තියෙනවා. ඉල්ලීම් දිනාගැනීමේ නව ක්‍රමවේද භාවිත කරන්න. දේශපාලන න්‍යායපත්‍ර නෙමෙයි ජනතාවගේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න.

 

ආණ්ඩුවට සල්ලි නෑ වැට් බද්ද තව 3% කින් වැඩි කරන්න කියලා මුදල් අමාත්‍යාංශය කියනවා. බදු සහන ලැයිස්තුවක් ; එකක් වැට් බදු සහනය රු. බිලියන 534 ක්. වැඩ කරන ජනතාවට ඒ මුදලින් රු. 30,000 ක වැටුප් වැඩිවීමක් දෙන්න පුලුවන්.

 

සුරාබදු, දේශිය ආදායම්, බැංකු පොලු,, සාමාන්‍ය ජනතාවට හැමදේටම බදු ගහනවා. බදු එකතු කරන ක්‍රියාවලිය රාජ්‍ය ප්‍රතිව්‍යුහගතකරණ නව ක්‍රියාමාර්ගයක් අපි යෝජනා කරනවා. රාජ්‍යය ජනසතුකරණය. මූල්‍ය පාලනය හා රාජ්‍යය ඩිජිටල් යටිතල පහසුමකට යටත් කිරීම, රාජ්‍යය කුඩා කිරීම හා කාර්යක්ෂම කිරීම: ඩිජිටල් වේදිකාවට කුළුනු තුනක් අපි යෝජනා කරලා තියෙනවා.

 

  • ප්‍රසම්පාදන කුලුන : ආහාර, ඖෂධ, පොහොර, ඉන්ධන ප්‍රසම්පාදනය ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම කිරීම
  • ආණ්ඩුවේ සේවා කුලුන: රජයේ සහතික, බලපත්‍ර, බිල් හා දඩ ගෙවීම් ඩිජිටල්කරණය සහ කාර්යක්ෂම කිරීම
  • මූල්‍ය ගනුදෙනු වේදිකාව - Unified Payment Interface (UPI)

 

“ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ගත්ත ක්‍රියාමාර්ග නිසා රු. 800 ට ගිය ලොකු ලූණු කිලෝව රු. 200 ට බස්සන්න පුලුවන් උනා. අපිට ආණ්ඩුවක් දුන්නා නම් කොහොම වෙයි ද? ඔන්ලයින් ක්‍රමය යටතේ රජයේ ඕනෑම සහතිකයක් කාටවත් කප්පම් ගෙවන්න ඕන නැති ක්‍රමයක් අපි රටට ගේනවා. බිල් ගෙවන්න, දඩ කොළ ගෙවන්න කිව් ආර් කේතය හරහා වන - සියලුම ගනුදෙනු එකම ඩිජිටල් වේදිකාව හරහා ගෙවන්න පුලුවන් එකක, කිසිම වැට් බදු වැඩි කිරීමක් සිදු නොකර රජයේ ආදායම් වැඩි කරගන්න පුලුවන්. පුලුවන් නම් අපිට භාරදෙන්න දේශීය ආදායම්, සුරාබදු, රේගු ආදායම් වැඩි කරලා පෙන්වන්නම්.

 

ලෝකය පුරාම ඩිජටල්කරනය කරන්න යන්නෙ අපේ මිනිස්සු, ඉන්දියාවේ, බංගලිදේශයෙ පුලුවන් නම් ඇයි අපිට බැරි? 

 

WhatsApp Image 2024 07 15 at 11.37.411

 

නවීකාරක ඉදිරිය හරහා අපි උත්සාහ කරන්නෙ ඔබ බලවත් කරන්න. රාජ්‍යය ජනසතුකරනවා. රාජ්‍යය ලක්ෂ 220 ජනසතු කිරීම තමයි ජනරජ පෙරමුණේ ප්‍රතිපත්තිය. රාජ්‍ය ආයතන 1200 රාජ්‍ය ආයතන 800 ක් දක්වා අඩු කිරීමේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. රජයේ සේවකයො ලක්ෂ 10 ගෙදර යවන්න බෑ. රාජ්‍ය සේවකයාගේ කාර්යසාධනය මැන බැලිය යුතුයි. ඉලක්ක සපුරන අයට වැඩි වැටුපක්, ප්‍රතිලාභයක් ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි.

 

සෑම අමාත්‍යවරයෙකුගෙම, අමාත්‍යාංශ ලේකම්වරයෙකුගෙම, නිලධාරියෙකුගේම, මන්ත්‍රිගේම කාර්යසාධනය මැන බැලීමේ, ජනතාවට දැනගත හැකි ක්‍රමවේදයක් අපි යෝජනා කරලා තියෙනවා. සෑම කෙනෙකුගේම ප්‍රගති වාර්තාව ජනතාව අතට දීලා ජනතාව බලවත් කරලා තමයි අපි මේක කරන්නේ.

 

දැන් තාවකාලික සාමයක් ඇතිවෙලා තියෙන්නෙ. ගෝඨාභය ඇතුලු පිරිස මිනිස්සු නොමරා මැරුවා. ජනතාව ලිපේ පිච්චි පිච්චි හිටියෙ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ ජනතාව දැන් කබලට අරගෙන දිය හැලියට අරගෙන තියෙනවා. දැන් කකුලුවා රත්වෙන දිය හැලියේ නට නට ඉන්නවා වගේ දැන් එන්නේ.”

 

දැන් මේ රට අමු සොහොනක් වෙමින් පවතිනවා. සොහොනේ සිහින පෙන්වන පිරිසකුත් ඉන්නවා. වෘත්තීයවේදීන්ගෙ 20% ක් රට හැරගිහිල්ලා. ආර්ථිකය එන්න එන්න කුඩා වෙමින් යනවා. ජනගහණය අඩුවෙමින් යනවා. කාර්මීකරණය සංකෝචනය වෙලා අපේ රටින් කර්මාන්ත වෙනත් රටවලට යමින් පවතිනවා. ඵලදායීතාව අඩුවේගෙන යනවා. ඒත් එක්කම ජීවන තත්ත්වය සංකෝචනය වෙලා. ජීවන තත්ත්වය පහතට වැටෙමින් යනවා.”

 

ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් සමාජ සාධාරණත්වයට පටහැනියි

 WhatsApp Image 2024 07 15 at 11.37.40

 

“රටේ ආර්ථික අර්බුදයේ බර දාලා තියෙන්නෙ දරාගන්න බැරි ජීවන බරක් දරන සාමාන්‍ය මනුස්සයගෙ පිටේ. දවසින් දවසම් හැම තැනම වංචාව, දූෂණය. පාදඩකරණය සහ පාතාල දේශපාලනය. මේ රටේ ජනතාව එක්ක ඒ වගේ සෙල්ලම් බැරි බව මහින්ද රාජපක්ෂයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයායි හොඳට ඉගෙනගත්තා. ප්‍රජාතන්ත්‍රවාද විරෝධී බලවේගවලට තටු ලබා දෙන්න එපා. අපි ජනරජ පෙරමුණ සෑම පෙරමුණකම සටන් වදිනවා ජනාධිපතිවරණය ලබා ගන්න.

 

විපක්ෂ නායකයටත් අපේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙනවා. ප්‍රතිචාරයක් නෑ. බඩු බෙදන එක නෙමෙයි ආර්ථිකය හදන ක්‍රමය. සුලු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඉහළ නංවන වැඩපිළිවෙලක්

 

ජාතික ජන බලවේගය අලුත් එකක් නෙමෙයි. ජාතික ජන බලවේගය කියන්නෙ 2019 ප්‍රතික්ෂේප වූ වැඩපිළිවෙලක්. අපි කතා කළාම ඔවුන් පක්ෂය නම් ජනතා විමුක්ති පෙරමුණ. අපි පක්ෂ සමග කතා කරන්නෙ නෑ. පුද්ගලයින් එක්ක විතරයි කතා කරන්නෙ කියලා.

 

සැමට සමානව සාධාරණව ආර්ථික යුක්තිය ඉටු කරන්න නම් වසල ජාතිකවාදයට දඬුවම් දිය යුතු බව ද රණවක මහතා පෙන්වා දුන්නේය. වසර තුනක් තුළ රට ණය ගෙවීමේ තත්ත්වයට ශක්තිමත් කළ යුතුය. රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කර රාජ්‍යය ඉහත කී ආකාරයෙන් ජනසතුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

 

“රැලි අපට අදාළ නෑ. රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුනුවිසුනු වෙන්න..! “

“හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා..!”

“රැළිවලට අහුවෙන්න එපා. කළමනාකරණ හැකියාව ගැන හිතන්න. සාම්ප්‍රදායික පක්ෂ නායකයො කළේ අපව රැවටීම විතරයි. ශක්තිමත් බලවේගයක් පමණක් නොවෙයි, බුද්ධිමත් නායකත්වයක් ද අවශ්‍යයි..!”

 

WhatsApp Image 2024 07 15 at 11.37.43

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව සඳහා මහා සංඝරත්නය ප්‍රධාන අනෙකුත් ආගමික නායකයින්, විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය දේශපාලනඥයින්, එක්සත් ජනරජ පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, දේශපාලන මණ්ඩල සභාපති, කරු පරණවිතාන, ජාතික සංවිධායක සුමේද රත්නායක මහත්වරුන් ඇතුලු පක්ෂයේ මධ්‍යම කාරක සභිකයින්, කොළඹ දිස්ත්‍රික්කයේ පක්ෂ ක්‍රියාකාරීන්, ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 

@ලෙෂාන් විදානගමාච්චි

මාධ්‍ය ඒකකය

nalan mendis

nalan mendis

නවතම ලිපි