SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඝාතනයක් සම්බන්ධව ටැටූ හිමිකරුවකුගෙන් සජීවී මාධ්‍ය විකාශනයක් හමුවේ  ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන්

බස්නාහිර පළාත් (දකුණු) නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට මහජන ආරක්‍ෂක අමාත්‍ය වරයා විසින් දැඩි ලෙස අවවාද කර ඇත.

 

අතුරුගිරියේ වෙඩි තැබීමක් සිදුවූ ස්ථානයේ  ටැටූ හිමිකරුගෙන් නියෝජ්‍ය පොලිස්පති මාරපන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රශ්න කරන අයුරු වීඩියෝවේ දැක්විනි.

 

නියෝජ්‍ය පොලිස්පති මාරපන විසින් එහිදී ටිරාන් අලස් අමාත්‍යවරයාට කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මින් ඉදිරියට එවැනි සිදුවීම් සිදු නොවන බවට පොරොන්දු වූ බව ද  මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි.

 

මේ අතර සැකකරුවන්ගේ ප්‍රකාශ මාධ්‍ය වෙත ප්‍රචාරය නොකරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සියලුම පොලිස් නිලධාරීන්ට දන්වා ඇත.

 

 

marrikkar

නවතම ලිපි