SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති ඡන්දය තියෙනවද නැද්ද? දූර කාලය හරිද නැද්ද? අධිකරණයද පාර්ලිමේන්තුවද? නිත්‍යනුකූල භාවයක් තියේද නැද්ද? ‌

මේ දවස්වල ලංකාවේ බඩගින්නට අමතරව තියෙන බඩගින්නටත් එහා ගිය දැවෙන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේවා.

 

ඒ අතරෙ ජනපති හටන තිබුණත් නැතත්, ලොක්ක අපේක්ෂක කමට ආවත් නැතත් ඉලෙක්ෂන් කැම්පේන් එකෙන් ගාන කපාගන්න ඇඩ්වටයිසින් ඒජන්සි අතර තියෙන්නෙ එකිනෙකා පරයන තරඟයක්.

 

ඒත් කේජු කෑල්ල ලැබෙන්නෙ දක්සයෙක් වුනාට ම නෙවෙයි, ක්‍රියේටිව් උනාටම නෙවෙයි,  ඉන් එහා ගිය ගේම් ප්ලෑනකට කියල තේරෙද්දි සමහරුන්ගෙ පෙරහැරත්  ගිහින්.

 

අද Pure Gossip එකෙන් මේ අරාදින්නෙ අන්න ඒවගේ  නඩුත් බඩුත් හාමුදුරුවන්ගෙ කතාවක් කියන්න. ඒක වැදගත් වෙන්නෙ ලංකාවෙ ජොබ් ඉන්ටවීව් එකකට ගියත් තමන්ට ඔින කෙනා තෝරගන්නෙ ඉන්ටවීව් එකෙන් නොවෙන වගත් ඉන්ටර්වීව් එක කරන්නෙ ප්‍රොසීඩියර් ෆලෝ කරන්න ෆයිල් එක හදල තියන්න  කියලත් ඒ හින්ඳ හුඟ දෙනෙක් අනියම් පාරෙන් වැඩ කරගන්න උත්සාහ ගන්න පෙළඹිලා හින්ඳාත් ය.

 

මේ තමයි ඒකට මරු උදාහරණය.

 

ඔන්න පහුගිය දවසක අපේ රටේ ලොකු තැනකගෙ ඡන්ද කැම්පේන් එකට ලොකු රටකින් ‌ලොකු මුදලක් ලැබුනලු. ලොකු මුදලක්ය කියන්නෙ අපේ රටේ හැටියට  අතිවිශාල මුදලක් ලු. ඉතිං මේ කැම්පේන් එකේ මේන් පාට් එක කරන්න බාරදීල තියෙන්නෙ UK Company යකටලු. ඒත් ඉතිං වැඩ ටික කරගන්න වෙන්නෙ ලෝකල් ඒජන්සි වලින් නේ.

 

මේ වෙනුවෙන් ලංකාවෙ තියෙන මාර්කටින් ඒජන්සි වලට ආරාධනා කරල එයාලගෙ ක්‍රියෙටිව් ස්ට්‍රැටජීස් පෙන්වල ප්‍රසන්ටේෂන් කරන්න කියල.

 

ඔන්න කට්ටිය වරින් වර වැඩේට වෙලාවල් ලබාගෙන යනවලු. දැන් ඉතිං මේව තෝරන්න සහ අර සුද්දන්ට උදව්වට ලංකාවෙනුත් කිහිප දෙනෙක්ව පැනල් බෝර්ඩ් එකට දැම්මලු. හිතන්නකෝ මේක රස්සාවක ඉන්ටර්වීව් වගේ එකක්ය කියල.

 

ඉතිං බෝර්ඩ් එකේ ඉන්නවලු වැඩකිරීමේ ඇමති කෙනෙක්, තරුණ ඇමති කෙනෙක්, පොහොට්ටුවකින් පළාත් සභා ඡන්දෙට ඉල්ලපු මහ රජෙක්ගෙ නාලිකාවෙ විධායක අංසෙ කෙනෙක්, තව ඇඩ්වර්ටයිං දන්න කෙනෙක්, අනික් කෙනා කාර්ය මණ්ඩල ප්‍රධානියෙක්ගෙ නියෝජිතයෙක්.

 

දැන් දවස් ගානක් සති ගානක් විවිධ විදිහට මහන්සි වෙලා අලුතින් ක්ෂේත්‍රයට ආව තරුණයොත්, කාලයක් තිස්සෙ නම් දරපු ආයතනත් තම තමන්ගෙ උපායමාර්ග එක්ක නිර්මාණ කරගෙන ගිහින් ඡන්දය දිනාගන්නට ජනතාව දිනාගත හැකි ක්‍රියෙටිව් වැඩ සටහන් පෙන්නුවලු. සමහර ඒවට මේන් කැම්පේන් එක බාරගනිපු සුද්දොත් කැමති උනාලු.

 

ඔින්න අන්තිමේ ඊයෙ පෙරෙයිදා මාසයට වැඩි කාලයක් තියපු පරීක්ෂනයෙ ප්‍රතිඵල නිකුත් උනාලු.

 

තෝරගෙන තිබුණු ඇඩ්වටයිසින් ආයතන මොනවද දන්නවද?

 

එකක් වැඩ ඇමතිගෙ ‘සැර’ ආයතනයලු, අනික තරුණ ඇමතිගෙ ‘අවුට් ඩෝ’ ලු,  අනික ‘මහ රජෙක්ගෙ නාලිකාවෙ’ සුසර කරන එකක්ලු, අනික අර කිව්ව ඇඩ්වටයිසිං දන්න පැනල් එකේ කෙනාගෙ ඒජන්සියලු, පැනල් එකේ නොහිටියත් අනික් කෙනා වෙලා තිබුණෙ ගොඩයන්න කියල සංවිධානය අටවගෙන තනියම ගොඩගියපු මීයා ගෙ ‘හිතන තිත’ ලු.

 

දැන් මේ ටික තෝරගන්න මාසයක් පුරා දඟලනවට වඩා පැනල් එකේ කට්ටිය පළවෙනි දවසෙම ඒ කේජු කෑල්ල බෙදාගත්තනම් ඉවරනේ කියලලු දැන් අර අනික් සෙට් එක කියනවය කියන්නෙ.

මොකද මේවයෙ ඇඩ්වටයිසිං වැඩට ඒජන්සිවලින්  සමහරු පිටරට වලිනුත් ගෙන්නුවලු විශේෂ සහායට. මොකද ලේසි පාඩු කුට්ටියක් නෙවෙයිලුනේ වැඩෙන් ගන්න පුළුවන්.

 

ඒ මොක උනත් ඡන්ද දිනන්නත් කලින් වෙන්නෙ ඔය වගේ වැඩ නම් දිනල ආවම ඔිව තව වැඩි වෙනව මිසක් වෙනසක් වෙන්නෙ නෑ කියලලු ඔින් ආයුබෝං මෙදා පාරත් හැමදාම පැරදෙන ලොක්කව කරපු වැඩ අමතක කරල පරද්දන්නෙ.

 

මේ පාර නම් එයා පරදින්නෙ ඔය වටේ ඉන්න නරි රැළ හින්ඳය කියලයි රට්ටු කියන්නෙ.

අපිට නම් දුක ආන් අර සුද්දො ටික ගැන. උන්දැල මේ වෙච්චි දේ හාංකවිසියක් දන්නෙ නැහැනෙ තාමත්...

වෙනකක් තියා තමං එක්ක පැනල් බෝඩ් එකේ හිටියෙ නොනිළ අයිතිකාරයො ටිකක් කියලත්..

ගිහිං එඥ්ඤම්  ආයිබෝං..

 

#Gossip

marrikkar

නවතම ලිපි