SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට තුළ ආරක්ෂාව අවිනිශ්චිත තත්වයක පවතින බවත් පොලිසිය සිදු කරමින් සිටින්නේ

හුදු සංදර්ශනයක් පමණක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කරයි.

 

අන්තර්ජාලය නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර ප්‍රියන්ත ජයකොඩි 2021 වසරේ විශ්‍රාම යන විට අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

 

සංවාදයට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ පොලිසියේ ඇතැම් නිලධාරීන්ගේ මානසික තත්වය සහ ක්‍රියාකලාපය පිළිබඳ දැඩි කනගාටුවක් ඇතිවන බවය.

 

පසුගියදා ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමට අදාළව මාධ්‍ය ඉදිරිපිටදී සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේ සිදුවීම තමන් කිසිසේත් අනුමත නොකරන බවය.

 

එය බරපතළ ප්‍රතිවිපාක ඇති වීම සඳහා හේතුවක් විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

 

 

@lankacnews

marrikkar

නවතම ලිපි