SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා රජය VFS Global සමඟ අත්සන් කර ඇති වීසා ක්‍රියාවලි බාහිරින් ලබා ගැනීමේ ගනුදෙනුවට අදාළව බරපතල අක්‍රමිකතා ඇති බැවින්

එය අවලංගු කරන ලෙස රාජ්‍ය මූල්‍ය කමිටුව (COPF) නිර්දේශ කර ඇත.

 

VFS ගනුදෙනුව අවලංගු කළ යුතුයි - COPF

 

පාර්ලිමේන්තු කාරක සභාව විසින් සිදු කරන ලද විමර්ශන පිළිබඳ වාර්තාව සභාවට ඉදිරිපත් කළ COPF සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේ ගනුදෙනුව අවලංගු කිරීමට හෝ එය නැවත සාකච්ඡා කිරීමට තම කමිටුව නිර්දේශ කර ඇති බවයි.

 

"අපි ටෙන්ඩර් පටිපාටිය පිළිබඳ වෝහාරික විගණනයක් ද නිර්දේශ කරල තියෙනව, නමුත් විගණකාධිපතිවරයා දැනටමත් එවැනි විගණනයක් ආරම්භ කර ල තියෙනව, මෙය ඉක්මනින් අවසන් කර වාර්තාව පාර්ලිමේන්තුවට, අල්ලස් කොමිසමට සහ   CID වැනි අනෙකුත් අදාළ ආයතනවලට භාර දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා.,”

 

තවද මෙම ගනුදෙනුවේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු VFS ග්ලෝබල් නොවන බව ද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

"අපගේ විමර්ශනවල ප්‍රතිඵල අනුව GBS Technology Services, IBS Global සහ WHF World යන සමාගම් තුනක්  කොන්ත්‍රාත්කරුවන් විදිහට ඉන්නව,"

 

එසේම පිරිවිතර ලියවිල්ලක් නොමැතිව ගිවිසුම අත්සන් කර ඇති බව ද මුදල් කමිටුවේ සභාපතිවරයා පවසයි. එසේම, කොන්ත්‍රාත්කරු විසින් පොරොන්දු වූ ඩොලර් මිලියන 200ක ආයෝජනය ගෙනවිත් නොමැති අතර, ටෙන්ඩර් පටිපාටිය ද  නිසි ලෙස අනුගමනය කර නැත.

 

COPF හි සාමාජිකයෙකු වන රවුෆ් හකීම් පැවසුවේ VFS ගනුදෙනුව බැඳුම්කර මගඩියට වඩා දස ගුණයක නරක ගනුදෙනුවක් බවයි.

 

"VFS වංචාව ඇමරිකානු ඩොලර් බිලියන 2.6කි," ඔහු පැවසීය.

marrikkar

නවතම ලිපි