SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකාවේ පැවැති  'නේටෝ' රාජ්‍ය නායක සමුළුවේ මාධ්‍ය හමුවේ දී

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, බයිඩන්, යුක්රේන ජනාධිපතිවරයා පුටින් යැයි පැවැසීමත් සමඟය.

 

එය සිදුවූයේ මෙසේය.

 

'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ, 75 වැනි සැසිය, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැත්වුණු අතර, 'නේටෝ' රටවල රාජ්‍ය නායකයන් පමණක් නොව, බයිඩන්ගේ ඇරැයුමකට අනුව, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද ඊට සහභාගී විය.

 

මාධ්‍ය හමුවේ දී රුසියන් ජනාධිපති පුටින්ගේ යුක්රේන ආක්‍රමණය හෙලා දකිමින්, පුටින් විවේචනය කිරීමට බයිඩන් කටයුතු කළේ දැඩි ආවේගශීලී ආකාරයටය.

 

ඉන්පසු බයිඩන්, මාධ්‍යවේදීන් හමුවට, සෙලෙස්කී හඳුන්වා දීමට සූදානම් වී මෙසේ පැවැසුවේය.

 

'දැන් මා කැමතියි, ධෛර්ය සම්පන්න යුක්රේන ජනාධිපති අවස්ථාව දෙන්න, ඔබ හමුවේ අදහස් පළ කරන්න. නෝනාවරුනි මහත්වරුනි පිළිගන්න මෙන්න ඉන්නවා ජනාධිපති පුටින්'

 

මයික්‍රෆෝනය අසලින් නික්ම යන්න සූදානම් වෙද්දී, තමන්ට යම් දෙයක් වැරදුනු බව බයිඩන්ට වහා අවබෝධ විය. ඉන්පසු සිදුවුණු වැරදීම වසා ගනිමින් ඔහු මෙසේ පැවැසුවේය.

 

'ජනාධිපති පුටින්??!! පුටින් නෙවේ පුටින් පරද්දන්න පුළුවන් නායකයා ජනාධිපති සෙලෙන්ස්කී. පුටින් පරාජය කිරීම ගැනයි මගේ ඔළුවේ වැඩ කළේ. ඒකයි එහෙම දෙයක් කියැවුණේ'

 

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධ මෙම සිද්ධියට අදාල වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත්, විදෙස් පුවත් නාළිකා ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් ඇත.

 

බයිඩන් 81 හැවිරිදි වියෙහි පසුවෙයි. ඇමෙරිකා ජනාධිපතිධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා වන්නේ ඔහුය. බයිඩන්ගේ වයස නිසා ඔහුට හරිහැටි රාජකාරි කිරීම සහ එලැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සම්බන්ධයෙන් මේ වනවිට ගැටලු මතු වී ඇත.

 

මේ වනවිට ජනාධිපති ජෝ බයිඩන් සම්බන්ධයෙන්, එරට පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ බෙදීමක් ද හටගෙන තිබේ. ඒ, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ බයිඩන් ඩිමොක්‍රටික් අපේක්ෂකයා විය යුතු බව පවසමින් සහ බයිඩන් වෙනුවට වෙනත් ජනපති ධුර අපේක්ෂකයකු අවශ්‍ය බව පවසමින් වාද විවාද කර ගැනීමත් සමගය.

 

ඇමෙරිකන් ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ තමන් කිසිම අවස්ථාවක ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් නොවන බවත්, තමන්ට ප්‍රතිවාදී අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කිරීමට හැකි බවත්ය. බයිඩන්ට අවාසියක් වී ඇත්තේ ඔහුගේ වයසය. පාලක ඩිමොක්‍රටික් පක්ෂයේ සියයට 80 ක පිරිසක් පවසා ඇත්තේ බයිඩන් වෙනුවට වෙනත් තරුණ අපේක්ෂකයකු ඉදිරිපත් කළොත්, පක්ෂයේ ජය තහවුරු බවය.

 

පහතින් දැක්වෙන්නේ බයිඩන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරද්දී සිදුවුණු අකරතැබ්බ සම්බන්ධයෙන් පළ කළ සටහනකි.

(Sky News) 

@lankadeepa

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි