SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු සුන් කර ඉවත්වීම මෙන්ම

හැසිරීම සහ  විනය පිළිබඳ ඇතැම් ගැටලු සම්බන්ධයෙන් නිතර විවේචනවලට ලක්වූ වනිඳු හසරංග පවසන්නේ, මෙම ආකල්ප, හැසිරීම් අභියෝග ජයගැනීමට සහ වැඩිදියුණු කිරීමට තමා තුළම ධෛර්යයක් ලබා ගැනීමට ඉවහල් වූ බවය.

 

හස 2

"මම සෑම විටම ක්‍ෂේත්‍රයේ හැඟීම් ප්‍රකාශ කර ඇති අතර එවැනි ආකල්ප, හැසිරීම් අභියෝග ජය ගැනීමට සහ වඩා හොඳින් කිරීමට මා තුළ පෙලැඹීමක් ඇති කර ගැනීමට උපකාරී උනා. මෙය කිසිඳු ආකාරයකින් කිසිවෙකුගේ සිත් රිදවීම අරමුණු කරගත් දෙයක් නොවේ".

 

පිටියේ හෝ ඉන් පිටත ක්‍රීඩාකිරීම සම්බන්ධයෙන් කලකිරීමෙන් කරන ලද කිසිදු ප්‍රකාශයක් කිසිවිටෙක පුද්ගලික විරෝධයක් නොවන බව ඔහු පවසයි.

“මගේ වචනවලින් කාගේ හරි සිත් රිදවීමක් වුණා නම් මම අවංකවම සමාව ඉල්ලනවා,”

හසරංග පවසයි.

හස 3

ශ්‍රී ලංකා පිරිමි T20 නායකත්වයෙන් ඉල්ලා අස්වන බව වනිදු හසරංග ඊයේ නිවේදනය කළේය.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරමින් හසරංග කියා සිටියේ නායකත්වයෙන් ඉවත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යහපතට හේතු වන බවත්, ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට තවදුරටත් සේවය කිරීමට තමා  කැමැත්තෙන් සිටින බවත්ය.

 

පසුගියදා පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව දැක්වූ දුර්වලතාව පිළිබඳව ඔහු කණගාටුව පළ කළ අතර,

"ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලානයෙන් ඉක්මනින් ඉවත්වීම නායකයා ලෙස මට සහ සමස්ත කණ්ඩායමටම අතිශය වේදනාවක් "

බව සඳහන් කළේය. 

 හස 5

කණ්ඩායම හොඳින් සූදානම්ව සිටින බව විශ්වාස කළද, හසරංග ඔවුන්ගේ අපේක්ෂාවන් සපුරාලීමට අසමත් වූ බව පිළිගත්තේය, විශේෂයෙන් බංග්ලාදේශයට එරෙහිව පරාජයෙන් අවසන් වූ ආසන්නතම  තරඟය පිළිබඳව ඔහු සිහිපත් කළේය.

 

නායකයා ලෙස තම වගකීම පිළිගනිමින් හසරංග වඩා හොඳ ප්‍රතිඵල ලබාදීමට නොහැකි වීම ගැන වනිඳු හසරංග ශ්‍රී ලංකාවාසී ප්‍රේක්ෂකයින්ගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සමාව අයැද සිටියේය.

 

"කණ්ඩායම සහ මම අපේ රට පහත් කළා," ඔහු පිළිගත්තේය.

 

හස 6

අනාගතයේදී හසරංග තම ක්‍රීඩාව කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම සඳහා නායකත්වය අතහැර ක්‍රීඩකයෙකු ලෙස දායක වීමට තම කැපවීම ගැන  අවධාරණය කරයි. 

 

"මගේ දස්කම් හි උපරිමය පැවති අවස්ථාවේදී මගේ දස්කම් අපේ රටට  ජයග්‍රහණ ගෙන ඒමට අතිශයින්ම ප්‍රයෝජනවත් වූ බව මට හැඟෙනවා,"

 

ඔහු කියා සිටියේ ඉහළ ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ කණ්ඩායමට ඕනෑම හැකියාවකින් සහය දැක්වීමට ඔහුගේ අභිප්‍රාය බවය.

 හස 4

@ඩේලිමිරර් ඇසුරින්

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි