SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුම්රිය වැඩ වර්ජනය අවසන් කර ඇත.

දින කිහිපයක් තුළ මගීන් දහස් ගණනක් පීඩනයට පත් වූ අතර ඇතිවූ තද බදය හේතුවෙන් දුම්රියෙන් වැටී එක් මගියෙකු ජීවිතක්ෂයට ද පත්විය.

 

කෙසේ වුවද රජය විසින් වර්ජකයින්ව සේවයෙන් නෙරපා හැරීමේ ලිපිද නිකුත් කර තිබූ අතරවාරයේ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරියගේ මැදිහත්වීම මත ඔහුගේ නිවසට එක් රැස් වූ දුම්රිය වර්ජකයින් හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර එකඟතාවක් ඇති කරගෙන තිබුණේ ලාල්කාන්ත ගේ මේ ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසුව ය.

 

එවිට මෙම වැඩ වර්ජකයෝ කාගේ උවමනාවක් ඉටු කළෝද යන්න පිළිබඳව විවිධ පාර්ශ්වයන් අදහස් ඉදිරිපත් කරන අතර පෙරටුගාමීන් ප්‍රකාශ කර තිබුණේ මෙම වැඩ වර්ජන පිටුපස ඉන්නේ ඔවුන් බවය.

 

වර්ජන රැල්ලක් සෑම ක්ෂේත්‍රයක් අරභයාම දියත් වුවහොත් එය මැතිවරණයන්ටද බලපානු ඇති බව තවත් සමහරෙකු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

 

ඒ හරහා මැතිවරණ නොපැවැත්වීම හෝ කල් දැමීම, සාමය පවත්වාගෙන යෑමට අදාළ පියවරයන් ගැනීම වැනි හදිසි තත්වයන් ප්‍රකාශ කිරීම දක්වා ඒවා වර්ථනය විය හැකි බවට විවිධ මත පළ වුනි.

 

මේවා පිළිබඳ මත පළවෙද්දී ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ නොවන බව එහි සභාපති කේ.ඩී ලාල්කාන්ත පැවසුවේ ඊයේ (11) පස්වරුවේ පැවැති රැස්වීමකට එක්වෙමින් ය.

 

“මෙතැනින් එහාට මේ දුෂ්ඨ පාලනය පෙරලළා, ජනතාවාදී පාලනයක් ස්ථාපිත කරගන්න තියෙන අවස්ථාවේ අපි උද්ඝෝෂණ, සටන්, අරගල ඔක්කෝම කරන අතර ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදිහට අපි කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ වන්නේ නැහැ. ස්ථිරයි.. කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ වන්නේ නැහැ මේ කාලය තුළ. මේක විශේෂ තත්ත්වයක්. මේ වෙලාවේ සටන වැඩ වර්ජනය නොවෙයි. ඒකයි. ඒ නිසා අපි අනෙකුත් වෘත්තීය සමිතිවලට යෝජනා කරනවා. වර්ජනය කරන්න ඔනේ කියන අයට යෝජනා කරනවා. අපි එකතුවෙලා පාලකයෝ පන්නමු. ඒක වැදගත් මේ වෙලාවේ.”

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි