SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කර තිබේ.

ඒ අනුව අද (11) රාාත්‍රී 12.00 ට සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැනුම්දී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී  වෘත්තීය සමීති ත්‍රස්තවාදීන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර ඇති බවත්,  එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම කරුණු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බවත්  ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

 

ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර ඇති බවද ඇමතිවරයා පවසයි.

 

වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිම උත්සාහ ගන්නා බවත් අමාත්‍යවරයා කියයි.

marrikkar

නවතම ලිපි