SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (11) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්

රාජ්‍ය ණය ප්‍රමාණය සහ ඒ හා සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති පිළිබඳව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යවරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ අතර, කොයි කවුරු බලයට පත්වුවද මෙවැනි තත්වයක් තුළ අවුරුද්දක්වත් ආණ්ඩුව ගෙන යා නොහැකි බවද පැවසුවේය.

 

  • සංවර්ධන උපාය මාර්ගයක් නැතිව යටිතල පහසුකම් හදනවා!
  • කොයි ආණ්ඩුව ආවත් අවුරුද්දක්වත් පාලනය ගෙනියන්න බෑ කියල හැමෝම දන්නවා!
  • සැළසුමකින් තොරව ණය ගැනීම ලංකාවේ ප්‍රධාන ගැටළුවයි!

 

 

රතන හිමියන් පවසන්නේ, කිසිදු පූර්ව සැලසුමකින් තොරව ණය ලබාගැනීම සහ වැයකිරීම නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උග්‍ර අතට හැරී ඇති බවත් නිෂ්පාදන ක්‍රියාවලීන් වෙනුවට ණය ලබාගැනීම, ආදායම් මාර්ගය කරගැනීම නිසා උද්ධමනය වේගයෙන් ඉහළ යාමට හේතුවූ බවය.

 

එසේම අධික පොළියට ලබාගත් ණය සඳහා පොළිය ගෙවීම විදේශ සංචිත සිඳීයාමට මූලික සාධකය වූ බවත් උන්වහන්සේ අවධාරණය කළේය.

 

මෙම කරුණු පාදක කරගනිමින් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු අමාත්‍යවරයා  වෙත රතන හිමියන් විසින් ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළේය.

 

01 - 2010 සිටි 2015 දක්වාම ලබා ගත් ණය වෙන් වෙන් වශයෙන් ඒකපාර්ශික හා බහුපාර්ශික ලෙස කෙතරම් ප්‍රමාණයක් වන්නේ ද ?

02- 2015 සිටි 2019 දක්වා ගත් ණය ඒකපාර්ශික හා බහුපාර්ශික ලෙස කුමන ව්‍යාපෘතියකට

ලබාගත්තේ ද?

03- වාණිජ ණය ලෙස ලබාගත් ණය වල පොලී අනුපාත කවෙර් ද? 2015 සිට 2019 දක්වා ගත් ණය වල  ප්‍රමාණය කොතරම් ද? එමෙන්ම සාපේක්ෂව පෙර ආණ්ඩුවට වඩා 2015 ආණ්ඩුව ගත් ණයවල පරතරය කොතරම් ද? කළ ව්‍යාපෘති මොනවාද?

04- දැනට ගෙවා ඇති ණය ප්‍රමාණය කෙතරම් ද?

05- වාර්ෂිකව ගෙවීමට නියමිත ණය වෙන් වෙන් වශෙයන් මේ සභාවට දන්වන්නේද?

06- ණය ගැනීමට අමතරව, ණය ගැනීමෙන් පරිභාහිරව රටේ අර්බුදය විසඳීම සඳහා රජයට ඇති විසඳුම

කවරේද?

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  රතන හිමියන් සාමාන්‍ය පුද්ගලයෙක් විසින් ණයක් ලබාගත්තද එය ගෙවීමට සැලැස්මක් නොමැතිනම් එම ණය ගැනීමෙන් ඔහු වැලකී සිටින බවත්, රටක් ලෙස අපට ණය ගෙවීමට එවැනි සැලසුමක් සහ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිව කටයුතු කිරීම සිදු නොවිය යුතු තත්ත්වයක් බවත් පැවසීය.

 

එමෙන්ම ණය සම්බන්ධයෙන් පමණක් නොව අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය යනාදී ඕනෑම වැදගත් ක්ෂේත්‍රයක් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තීන් නොමැතිවීම අවාසනාවන්ත තත්ත්වයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියන් විසින්  අවධාරණය කෙරිණි.

 

“අප සියළුදෙනාම මියයන මිනිස්සු, අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් රටක් ඉතිරි කිරීම සියළුදෙනාගේම පරම යුතුකම වෙන්න ඔින".

 

කෙසේ වෙතත් මෙම අර්බූධයෙන් මිදීම සඳහා සියළු දෙනා එක්විය යුතු බව නැවතත් රතන හිමියන් විසින් අවධාරණය කෙරිනි.

 

@මාධ්‍ය ඒකකය

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය

marrikkar

නවතම ලිපි