ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලලිත් එල්ලාවල සහ වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන්
සමගි ජන බලවේගයට සහයෝගය දක්වන බව මීට සුළු මොහොතකට පෙර පැවසූහ.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන තමන් ද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට සහයෝගය දක්වන බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායකවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් ඔවුහු පැවසූහ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 ම හොරු නොවන බව කී ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා පැවසුවේ 'හොරු නොවන අපි' ලෙස නව සන්ධානයක්ද ආරම්භ කළ බවය.