SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයකට අනුව රුසියාවට පැමිණි ඉන්දීය අගමැති

මෝදි ද්වීපාර්ශවික එකඟතා කිහිපයකටම එළඹීමට සමත්ව ඇතැයි වාර්තා වේ.

 

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා , බටහිර රටවල් විසින් රුසියාවට විශේෂ සම්බාධක පැනවීමට කටයුතු කළ පසුබිමක, ඉන්දියාව රුසියාව සමග විවිධ ගිවිසුම් ආරම්භ කර ඇත.

ඒ යටතේ ප්‍රධාන වන්නේ  රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගැනීම යි.

 

රුසියාවට පැමිණි ඉන්දීය අගමැතිවරයාව ඉතා උණුසුම්ව පිළිගත් රුසියානු ජනපතිවරයා, ඔහුව විද්‍යුත් මෝටර් රථයකින් ක්‍රෙම්ලිනය වටා රැගෙන ගොස් තිබුණි.

ඒ රුසියානු - ඉන්දියා මිතුදම ලොවට පෙන්වීමට බව විචාරකයන් ගේ අදහස ය.

 

එසේම රුසියාවට එරෙහිව පැනවුණු තෙල් සම්බාධක ගැටළුවක් නොවන බව ලෝකය හමුවේ මේ වන විට පෙන්වා අවසන් බවත් කියැවේ.

එසේ කියැවෙන්නේ ඉන්දියාව රුසියාව සමග යහපත් සබඳතාවක් ආරම්භ කර ඇති නිසාය.

 

ඉන්දීය අගමැති මෝදීගේ නව රුසියානු සංචාරයේදී දෙරටේ නායකයින්, න්‍යෂ්ටික ශක්තියේ සිට වෛද්‍ය විද්‍යාව දක්වා ප්‍රධාන ක්ෂේත්‍ර නවයක් ඔස්සේ සමීප සහයෝගීතාවක් වෙනුවෙන් ගිවිසුම්ගත වී තිබේ.

 

ජනාධිපති පුටින් කියා ඇත්තේ ඉන්දියාවේ න්‍යශ්ටික බලාගාර 6 ක් ඉදිකිරීමට රුසියාවේ සහයෝගය ලබාදෙන බවයි.

2030 වන විට දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 100 දක්වා ඉහළ නැංවීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි