SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්තමාන ජනාධිපතිවරයා විදේශ සබඳතා සහිත චරිතයක් ලෙස හඳුනාගෙන සිටියද පසුගිය වසර 2 තුළ එක් රුපියලක් හෝ විදේශ ආයෝජන මෙරටට ගෙන ඒමට අපොහොසත් වූ බව

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ඒ අද (ජුලි 10 බදාදා) පෙරවරුවේ පාර්ලිමේන්තුව අමතමිනි.

 

  • උද්ඝෝෂණ නම් බය කරලා පලනය කරයි. ඡන්දයකදී මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදීව මිනිස්සු විරෝධය පෙන්නයි.
  • පොහොට්ටුව දෙකට බෙදිලා ආවත්, එකට ආවත්, දෙකම එකට තියලා පරද්දනවා...!
  • ආණ්ඩුව කරන්නෙ කුඩු කාරයෝ කරන වැඩේ. ණය ගන්නවා, හම්බෙන දේවල් උස්සනවා. අහුවෙන එක විකුණනවා.
  • පොහොට්ටුව නොදන්න සෙල්ලමක් ජනපති පෙන්නයි.
  • තව අවුරුදු දෙකකින් මේ ආර්ථිකය පුපුරා යනවා.

 

අද වන විට ඉන්දියාවට සිදු කරන අපනයන වටිනාකමට සාපේක්ෂව 6 ගුණයක් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බවත්, චීනයට සිදුකරන අපනයන වටිනාකම මෙන් 5 ගුණයක් ආනයනය කෙරෙන බවත්, අමෙරිකාව වෙත කෙරෙන අපනයන වටිනාකමට සාපේක්ෂව 3 ගුණයක් අමෙරිකාවෙන් මෙරටට ආනයනය කරන බවත් මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී. ශ්‍රී ලංකාවේ අපනයන හා ආනයන පරතරය අඩු කර ගැනීමෙන් ඩොලර් ආදායම උපයා ගැනීමට රජය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බවට එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළේය. මෙරට පවතින අපනයන මූලාශ්‍රයන්ගෙන් හෝ සංචාරක ආදායමෙන් හෝ අනෙකුත් ප්‍රේෂණ මගින් ලැබෙන ඩොලර් ආදායම ආණ්ඩුව අමුතුවෙන් ලැබූවක් නොවන බවත් ඒ ආදායමෙන් හෝ  නව අපනයන ආදායම් මාර්ග සැකසීමක්  සිදු කර නැත.

 

ජනතාව අසීමිතව පීඩාවට පත් කරන වර්තමාන රජයේ බදු ප්‍රතිපත්තිය මගින් රටේ ආර්ථිකය යහපත් වන බවත්, වර්ධනය වන බවත් වසර දෙකක් පුරා කියූවත් එවන් තත්වයක් රට තුළ දක්නට නොලැබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ. තොරතුරු තාක්ෂණය ගෝලීය වශයෙන් පුළුල් වෙළෙඳපොල අවස්ථාවක් විවෘත කර ඇත. සෞදි අරාබිය ඉන්ධන වලින් උපයන ඩොලර් ප්‍රමාණය හා සමාන ආදායමක් අද වන විට ඉන්දියාව උපයා ගනු ලබන්නේ තොරතුරු තාක්ෂණ වෙළෙඳපොල මගිනි. සජබ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. මරික්කාර් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ ඩොලර් ආදායම වැඩි කර ගැනීමට එවන් නවමු ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාපෘති ආරම්භ නොකළේ ඇයිද යනුවෙනි. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියෙන් පසු ණය ආපසු ගෙවිය යුත්තේ රුපියල් වලින් නොව අමෙරිකානු ඩොලර් වලින් වන බැවින් ඩොලර් ආදායම වර්ධනය කර ගැනීමට වඩාත් නිර්මාණශීලී වැඩපිළිවෙළ අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

 

1988 දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා රට භාර ගන්නා විට උතුරේ යුද්ධයත් දකුණේ භීෂණයත් නිසා භාණ්ඩාගාරය හිස් වෙමින් පැවතිණි. මහා ආර්ථික විශේෂඥයෙක් නොවූ එතුමා ඒ මොහොතේ සිදු කළේ ඇඟලුම් කර්මාන්ත ශාලා 200ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම බවත් එමගින් ඩොලර් ආදායම වැඩි වීම පමණක් නොව ජනසවිය ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකු ආධාර ලබා ගැනීමටත් හැකි වූ බව මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය. සැළසුම් සහගතව ඩොලර් උත්පාදනය ඉහළ නංවා නොගතහොත් තව තවත් බදු ප්‍රමාණයක් ඉහළ දැමීම ආණ්ඩුවේ එකම මාර්ගය බවට එතුමා අනතුරු ඇඟවීමක්ද සිදු කළේ මහජනතාව වෙතයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්  වර්තමානයේ ක්‍රියාත්මක වැඩ වර්ජන රැල්ල පිළිබඳවද ප්‍රකාශ කළේය.

 

ඔහු කියන්නේ මෙරට ඇතැම් වෘත්තීය ක්‍රියාමාර්ග තමන් අනුමත නොකරන නමුත් සියලු වෘත්තිකයන් හට තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා හඬ නැගීමට අවම අයිතිවාසිකම හෝ ලබා දිය යුතු බවය.

 

“රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ යුතු බවට වන ඉල්ලීම සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලබා දුන් ප්‍රතිචාරය වූයේ, එසේ වැටුප් වැඩි කරන්නේ නම් වැට් බද්ද 22%ක් දක්වා ඉහළ දැමීමට සිදු වේ. එම ප්‍රකාශය හුදෙක් වර්ජකයන් හා අනෙක් පුරවැසියන් භේද කිරීමට ආණ්ඩුව ගත් නිර්ලජ්ජිත උත්සාහයකි.”

 

යම් හෙයකින් රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ ගිය හොත් අනෙක් පුරවැසියන් තමන් මිලදී ගන්නා සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළ යන නිසා නොතිබූ ප්‍රශ්නයක් ඇති කර පවතින ප්‍රශ්නය විසඳන්නට ආණ්ඩුව උත්සාහ දරන බවට ද  මරික්කාර් මන්ත්‍රීවරයා  චෝදනා කළේය. එවන් උප්පරවැට්ටි හරහා සිදුවන්නේ ආණ්ඩුවේ ආයු කාලය අඩු වීම බවත්, මැතිවරණය කල් දා ගැනීමට සිය අවසන් උත්සාහය පවා ගත්තේ එම බිය නිසා බවත් මෙහිදී පෙන්වා දෙනු ලැබීය. තම පීඩනය සිර කරගෙන සිටින ජනතාව සිදුකරන අරගල හා වර්ජන වලදී බිය වැද්දූවද ඡන්දයකදී ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදීව එම පීඩනය මුදා හරිනු ඇතැයි ඔහු  අවධාරණය කළේය.

 

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හට එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අභියෝග කළේ මේ වන විට දෙකඩ වී ඇති පොහොට්ටුව එකට ආවත්, දෙකට බෙදී ආවත් මැතිවරණයේදී ඒ දෙකම එකට පරාජය කිරීමට තම පක්ෂය සූදානම් බවයි.

 

වර්තමානයේ ශ්‍රී ලාංකික පුරවැසියා ඉතිහාසයේ පළමු වරට තමා උපයන මුදලින් මුලින්ම සිදු කරන්නේ ජල හා විදුලි බිල් ගෙවා දැමීමයි. ඉන්පසු තමා සිදු කළ යුතු ආහාර පාන ගැනීම, අධ්‍යාපනය හා බෙහෙත් හේත් ආදී සියලු දේ තීරණය කරනු ලබන්නේ දේශපාලකයා විසින් වීම ජනතාව තේරුම් ගත් සත්‍යයකි.

 

මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය "කුඩු කාරයෙකුට" සමාන බවයි. "ණය ගන්නවා, බදු ගහනවා, ලැබෙන සියල්ල උස්සනවා, අහුවෙන සියල්ල විකුණනවා" යනුවෙන් එතුමා දැඩිව ආණ්ඩුවේ ආර්ථික පිළිවෙත විවේචනය කළේය.

 

ජනාධිපතිවරයාගේ එම පිළිවෙත ඕනෑම අයෙකුට කළ හැක්කක් බවත්, එය තමන් හොඳින් දන්නා නමුත් පොහොට්ටුව තවම එය නොදන්නා බවයි එතුමා කියා සිටියේ. මේ පිළිවෙත ඉදිරියටත් පැවතිය හොත් නැවත තව වසර දෙකකින් මෙරට ආර්ථිකය පුපුරා යන බවට එතුමා අනතුරු ඇඟවූයේය. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ආණ්ඩුව වෙත අවධාරණය කළේ අවසන් මාස දෙක ගත කරමින් සිටින ආණ්ඩුව වෙත තමා අවසන් ආරාධනාව ලෙස කරනුයේ හැකි ඉක්මණින් අපනයන ආර්ථික පියවර අරඹන ලෙස හා සෘජු විදේශ ආයෝජන අවස්ථා අරඹන ලෙසයි.

 

@පබසර රෝහණ,

මාධ්‍ය ඒකකය

marrikkar

නවතම ලිපි