SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද (09) පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් පූජ්‍ය අතුරලියේ රතන හිමි  

රටේ ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවීමට සහ වගකිවයුතු අමාත්‍යවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබිණි.

 

එහිදී රතන හිමියන් අවධාරණය කරන්නේ ජන ජීවිතය ජීවන වියදම දරා ගැනීමට අපහසු වීම නිසා බරපතල ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බවත් එයින් ජයගැනීම සඳහා සියළු දෙනාම එක්ව සාමූහිකව කටයුතු කළ යුතු බවත් ය.

 

විශේෂයෙන්ම මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඇතුළු සමස්ත එජාපයේද අදහස වී ඇත්තේ මේ මොහොතේ එක්ව රටේ අර්බූධයට පිළියම් සෙවිය යුතු බවයි.

 

අද පාර්ලිමේන්තුවේ අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියන්...

 

“අද රටේ ජීවන වියදම බරපතළ ලෙස ඉහළ ගිහිල්ල තියෙනවා. සියළුම ධාන්‍ය සහ එළවළු පලතුරු ඇතුළු ආහාරවල මිල සාමාන්‍ය ජනතාවට දරාගැනීමට නොහැකි තරම් ඉහළ ගිහින් තියෙනවා..

 

මේ  තත්ත්වය වෙනස් කරන්න පුළුවන් රටේ සියළුදෙනාම සාමූහික මෙහෙයුමකට එක්ව කටයුතු කිරීමෙන් පමණයි”. 

 

ආණ්ඩුවේ වල්බූරු තීරණයක් නිසා රටේ ගොවිතැන විනාශ වුනා - රතන හිමි අතීතය සිහි කරමින් පවසයි.

 

“යුනිසෙෆ් සංවිධානය මගින් නිකුත් කළ වාර්තාවට අනුව රටේ ජනගහනයෙන් ලක්ෂ තිස් නමයක් පමණක්ම කුසගින්නෙන් පෙලෙනවා”.

 

රටේ ජනතාවගෙන් බහුතරයක් මේ මොහොත වන විට අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව උන්වහන්සේ සිය පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් මෙහිදී පාර්ලිමේන්තුව දැනුවත් කලා .

 

ඒ සඳහා පිළිතුරු දුන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේ යුනිසෙෆ් සංවිධානය මගින් නිකුත් කර ඇති මෙම වාර්තාවන් පිළිගන්නා බවත් මෙයට හේතුව ලෙස ඔහු දකින්නේ පසුගිය ආණ්ඩුව මගින් ගෙන එන ලද කාබනික කෘෂිකාර්මික පිළිවෙත බවත්ය.

 

මෙයට පිළිතුරු දුන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ වසවිස නැති ගොවිතැන සම්බන්ධව තමා කතා කළ බවත් මහින්ද අමරවීරලා ඇමතිකම් කරන ලද පසුගිය ආණ්ඩුව එක රැයින් ගත්තා වූ කෘෂිකර්මාන්තය කාබනික කිරීමේ අමනෝඤ්ඥ පිළිවෙතට තමා සෑම අවස්ථාවකම විරුද්ධ වූ බවත් ය.

 

“පොහොර නවත්වපු එක ආණ්ඩුවේ සල්ලි නැති හින්ඳ ගනිපු වල්බූරු තීරණයක්! අන්තිමට ඒකට අපිවත් පැටලෙව්වා”.

 

රතන හිමියන් තවත් විශේෂ අදහසක් මතුකරමින් කියා සිටියේ අද ලංකාවේ පාසැල් පද්ධතියේ පවතින බෙදීම් විෂමතාව පිළිබඳව ය.

 

“ශ්‍රී ලංකාවේ තුන්වන පෙළේ  පාසල් ලෙස පාසල් විශාල ප්‍රමාණයක් බෙදා තිබීම තුල ගම්‍යවන්නේ මොකක්ද? ඒ රටේ පවතින අන්ත දරිද්‍රතාවයේ සලකුණක් ඒක”.  

 

@මාධ්‍ය ඒකකය

තිරසර ලංකා ජාතික ව්‍යාපාරය

marrikkar

නවතම ලිපි