SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ හිරු සලකුණ වැඩසටහන නැරඹූ ඇතැම් උග්‍ර රාජපක්ෂ විරෝධීන් පවා

නාමල්ගේ දක්ෂතාවය  පිළිබඳව ප්‍රශංසා කර තිබිණි.

 

ඊයේ නාමල් සිය දේශපාලන පරිණතභාවය පැහැදිලිව සළකුණු කළේය.

 

 

හිරු සලකුණ යනු දේශපාලනික ටෙස්ට් එකකි. අමාරු ටෙස්ට් එකකි. චමුදිත සහ සහචරයන් ලෝකයේ කොහේවත් නැති විදිහට ඒ ගහන ගැහිල්ල දරා ගැනීම පහසු නැත. එයට ගිය බොහෝ දේශපාලන වැඩකරුවන් තුන් කට්ටුවේ කුපිත කිරීම් හමුවේ සැලී වැනසී ගියේය. නමුත් නාමල් ඊයේ ක්‍රියා කළේ අතිදක්ෂ පිතිකරුවෙකු ඉවසීමෙන් සහ සැහැල්ලුවෙන් ගහන ශතකයක ඉනිමක් වාගේය.

 

මා නිරීක්ෂණය කළ වැදගත්ම දෙය නම් නාමල් එම පීඩනය ඉතාම පහසුවෙන් දරා ගත් ආකාරයයි. දේශපාලන නියෝජිතයන් තෝරා ගැනීමේදී දැන් මා වැඩියෙන්ම බලන්නේ එයයි. මට පෙනෙන විදිහට වසර 15 ක් තිස්සේ පාර්ලිමේන්තුවේ සිට මැති ඇමතිකම් දරමින් ඔහු දැඩි පන්නරයක් ලබා ගෙන තිබේ. බොරු චෝදනා වෙනුවෙන් හිරේ විලංගුවේ සිටි කාලය අපතේ ගොස් නැත.

 

අනෙක් පැත්තෙන් ඔහු අවංකව කතා කළ බව පැහැදිලිව පෙනිණි. ඔහු අව්‍යාජව සිනාසුණේය. අඩුපාඩු නිහතමානීව පිළිගත්තේය. තමන්ගේ පක්ෂය, එහි සාමාජිකයන් සහ නායකයන්ගේ ගෞරවය රැක්කේය. ඒ සියල්ලටම වඩා ඔහු අපගේ ජාතික දේශපාලන මතවාදය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.

 

කෙතරම් දේශපාලන විචාර ලීවත් සැබැවින්ම දේශපාලනය කිරීම අපහසු බව මම දනිමි. එය ඉතාම සංකීර්ණ වූත් මහා වගකීම් සහගත වූත් ගුටි කෑ යුතු වූත් කාර්යයකි. ඒ නිසා දේශපාලනය කරන්න පුළුවන් මිනිහාට අවස්ථාව දී දැනුමෙන්, අදහසින් සහ උපායමාර්ගික මැදිහත්වීමෙන් පමණක් සහාය දීම මා වැන්නවුන්ගේ යුතුකමය.

 

නාමල් වටා ජනතාව රොද බඳිමින් තිබේ. එය සාධාරණය. අරගලයෙන් පසු පක්ෂය ගොඩනගන දැවැන්ත අභියෝගයට කර දුන්නේ නාමල්ය. එය අවිවාදිතය. ඔහු එය ඉතාම සාර්ථකව කර තිබේ. පොදුජන පෙරමුණ පාක්ෂිකයන් ඊළඟ තීරණය ගැනීමේදී මේ කාරණා විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය. නාමල් දැන් මලක් නොවේ. නාමල් දැන් පොළොවට වැටුණු මලින් ඉපිද වැඩුණු දැවැන්ත නා වෘක්ෂයකි. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2024 ජූලි 9

marrikkar

නවතම ලිපි