SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් තිබෙන අතර රට අතුරු පාරවල්වලින් රට මහා පාරට එමින් පවතිනවා යැයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටට-ජනතාවට සුභ ආරංචියක් දී තිබිය දී කිසිදු දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති බල ලෝභී, පටු සහ අවස්ථාවාදී විපක්ෂය බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යවමින් රටේ ගමන ආපසු හැරවීමට කුමන්ත්‍රණය කරන්නේ යැයි එජාප ජාතික ලේකම් රවී කරුණානායක චෝදනා කරයි.

 

රවී කරුණානායක කියන්නේ, උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පැවති උත්සවයකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

වැඩිදුරටත් අදහස් දැක්වූ එජාප ජාතික ලේකම් රවී කරුණානායක,

 

“ජනාධිපතිවරණය ඇතළු කිසිදු මැතිවරණයක් කල් දැමීමට හෝ මඟ හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් සූදානම් නැහැ. ජනාධිපතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ අප ජනාධිපතිවරණයට සූදානමින් සිටින අතර අප නියත ලෙස ජය ගන්නවා.

 

සමහරුන් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් සිටිද්දී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අප අපේ හැකියාවන් ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්නුවා. රටේ ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් විසඳෙමින් තිබෙන අතර රට අතුරු පාරවල්වලින් රට මහා පාරට එමින් පවතිනවා.

 

පළමුවෙන්ම පැවැත් වෙන්නේ, ජනාධිපතිවරණය ම තමයි. සියලු දෙනාටම පෙර ජනාධිපතිවරණයට සූදානමින් සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයයි. රට බංකොල්ලොත් වූ අවස්ථාවේ දී කිසිවෙකුත් රට භාර ගත්තේ නැහැ. සියලු නායකයින් රට-ජනතාව ගැන නොබලා පැන දිව්වා. ඒ අවස්ථාවේ දී අභියෝගවලට බිය නොවී රට භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා මේ වන විට රට ස්ථාවර කර ජනතාවට නව බලාපොරොත්තු ඇති කර තිබෙන අතර කිසිවෙකුට කිසිදු චෝදනාවක් එල්ල කළ නොහැකියි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට-ජනතාවට සුභ ආරංචියක් දී තිබිය දී කිසිදු දර්ශනයක්, වැඩ පිළිවෙළක් සහ ඉලක්කයක් නොමැති බල ලෝභී, පටු සහ අවස්ථාවාදී විපක්ෂය බොරු බිල්ලන් මවා ජනතාව නොමඟ යවමින් රටේ ගමන ආපසු හැරවීමට කුමන්ත්‍රණය කරනවා. 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඕනෑම දේශපාලන වේදිකාවකට යන්න හැකියාව තිබෙනවා. එතුමා අපේ සහ රටේ නිර්පාක්ෂික, පොදු සහ ජාතික අපේක්ෂකයා කියා අප කියන්නේ ඒ නිසයි. එතුමා රට-ජනතාව වෙනුවෙන් මේ ගමන යන්නේ සියලු දේශපාලන පක්ෂ සහ නායකයින් එකට ඒකරාශී කර ගෙනයි”. 

 

@LankaNewsWeek පුවත ඇසුරිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි