SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟයට පෙර දින රාත්‍රියේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පස් දෙනෙකු එක්වී මත් පැන් සාදයක් පවත්වා ඇති බවට පුවතක් වාර්තා වේ.

 

  • Top Player Manager part of the drinking party
  • How can a Player Manager spend the night in Assistant Coach’s room a night before vital game?

 

වාර්තාවේ දැක්වෙන්නේ ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්, වේග පන්දු යවන්නෙක්, ලෝක ප්‍රකට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් හෝටල් කාමරයකට එක් වී මෙලෙස මත්පැන් පානය කර ඇති බව ය.

එමෙන්ම,  කණ්ඩායමට අලුතින් පත් කරන ලද සහකාර පුහුණුකරුවෙකු සහ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක කළමනාකරුවෙකු ද මෙම සාදයට සහභාගී වී ඇති බව පැවසේ.

 

ද මෝර්නිං පුවතේ සඳහන් ආකාරයට මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බලධාරීන්ට අවශ්‍ය වී තිබුණද , වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු එසේ නොකරන ලෙස ඔවුන්ට උපදෙස් ලබා දී ඇත.

 

පසුගිය ජූනි 03 වනදා පැවැත්වුණු ලෝක කුසලාන විස්සයි 20 තරගාවලියේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර තරඟය කඩුලු 06 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායම අසාර්ථක කරමිනි.  

 

එමෙන්ම, මෙවර 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වීමට සිදු වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයෙන් ඉවත් වූ පළමු අවස්ථාව මෙය වේ.

 

වත්මන් ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට  ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි දෝශ දර්ශනයට ලක් වෙමින් ඇත.

 

@The Morning ඇසුරිනි.

marrikkar

නවතම ලිපි