SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ  මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමකින් තොරව

නිශ්ප්‍රභ කිරීමට අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

 

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ව්‍යාපාරිකයෙක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

 

පෙත්සම සලකා බැලූ අධිකරණය ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක කාලයක් පමණක් බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එය පැහැදිලිව සඳහන් කර ඇති බවත් පැවසුවේය.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන  පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලිනි.

 

එහිදී පෙත්සම්කරුට  රුපියල් ලක්ෂයක දඩ මුදලක් ද ගෙවීමට නියම කෙරිනි. 

marrikkar

නවතම ලිපි