SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියරෙන් අනතුරුව කිසිවෙක් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් ඇති කර තිබේ.

ඒ, ප්‍රංශ මැතිවරණයේ පළමු අදියරෙන් ජයගත් අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය National Rally (RN) පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතරයක් දිනා ගැනීමට අපොහොසත් වීමය.

නිල ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ වාමාංශික නව ජනතා පෙරමුණ සන්ධානය ( New Popular Front (NFP) ) ජයග්‍රහණය කර ඇති බවය.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ මධ්‍යවාදී එන්සෙම්බල් සන්ධානය දෙවන ස්ථානයට පත්ව ඇති අතර, පළමු වටයේදී අති සාර්ථක වූ අන්ත දක්ෂිණාංශික ජාතික රැලිය තෙවැනි ස්ථානයට පත්වීම බොහෝ දෙනාගේ විමතියට කරුණක්ව තිබේ.

කෙසේ වෙතත් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

ඒ අනුව එකිනෙක විරුද්ධ දේශපාලන අදහස් ඇති මෙම කණ්ඩායම් තුනට එකට වැඩ කිරීමේ සම්ප්‍රදායක් නොවන නිසා ප්‍රංශයේ අස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය වනු ඇති බව විචාරකයින්ගේ අදහස වී ඇත.

ප්‍රංශ ජනපති මැක්‍රොන් මාසයකට පෙර කැඳවූ ප්‍රංශයේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයේ මෙම අනපේක්ෂිත ප්‍රතිඵලය පිළිබඳ ඔහු මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි