SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා.

මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

 

මෙය තමා හිතා මතා කුඩු සිද්ධියකට පැටලවීමට කරන ගේම් එකක් බවත්, මේ කරන පවුකාර වැඩේට තම සාප ඉල්ලන බවත් ඇය එහි සදහන් කර ඇත.

 

තමා මෝටර් රථය විකුණා වසරක් වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ බිරිය පරණ මිතුරියක බවත් සඳහන් කරන ඇය මිත්‍රත්වය හේතුවෙන් මුදල් දෙපාරකට ලක්ෂ 50 බැගින් දුන්නේ යැයි ද ඇය සටහන් කර ඇත.

 

වාහනයට මුදල් බාගයක් දී ඇති බවත් එම නිසා වාහනය තමාගේ නමට තවමත් පවතින බවත් පියුමි හංසමාලි සඳහන් කරන්නීය.

 

වාහන විකුණන විට ඔවුන්ගේ මුළු ජාතකයම සොයා වාහන විකුණන්නට වී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පරිහණය කළ වාහනය මිලට ගෙන තවම කරදර විදින බවත් ඇය කීවාය.

 

තමා සියයට දාහක් නිවැරැදි බවත් සිද්ධියට සම්බන්ධ වාහනයේ කුඩු ප්‍රවාහනය කර නොමැති බවත් කියන ඇය තමා කුඩු විකුණා නොමැති බව ද ඇය කියයි.

 

@lankadeepa

marrikkar

නවතම ලිපි