SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා පාසල් උපකරණය ‌බෙදා දීමේ විශේෂ අවස්ථාවක් පසුගියදා මොරටුව සොයිසා මහා විද්‍යාලයේ දී පැවැත්විනි.

එය සංවිධානය කර තිබුණේ යුනයිටඩ් යූත් අධ්‍යක්ෂ ජනරාල් රංගන ශිල්පී අර්ජුන කමලනාත් සහ මොරටුව හිටපු නාගරික මන්ත්‍රී  අරුණසිරි විසිනි.

 

WhatsApp Image 2024 07 06 at 21.26.401

 

මේ අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුනයිටඩ් යූත් සංවිධානයේ  සභාපති  සුදත් චන්ද්‍රසේකර පවසා සිටියේ විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිදු රජයක් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් නොපෙනෙණ බවයි. එම නිසා විශේෂ අවස්ථා සහිත පුද්ගලයන් සඳහා විශේෂ අවධානයක් යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ඔහු  සඳහන් කර සිටියා.

 

මොවුන් සම්බන්ධයෙන් ඇති නීති රීති සහ අණ පණත් ආදිය ඉතා පැරැණි තත්ත්වයේ පවතින බවත්, වර්තමානයට ගැළපෙන ආකාරයට ඒ සියල්ල යාවත්කාලීන කළ යුතු බවත් ඔහු පවසයි.

 

disa

 

“සමාජයක් ලෙසට අප තේරුම් ගත යුතුයි එවැනි දරුවකු සිටින ඒ පවුල්වල සාමාජිකයින්ගේ මානසික තත්වය. එය ඉතාමත් ඛේදනීයයි. මුඵ පවුලම දැඩි මානසික පීඩනයකින් දුක් කරදර මැදයි ජීවත් වෙන්නේ.

 

අද දෙපා අහිමි රණවිරුවෙකුට වත් තනියම බස් එකක, දුම්රියක, පොදු ස්ථානයකට හෝ යන්න පහසුකමක් නැහැ. වෙනත් රටවල මෙන්, ලංකාවේ  ආබාධිත පුද්ගලයන් සඳහා පොදු ප්‍රවාහන සේවයක් නෑ. ඔවුන්ට විශේෂිත වූ දුම්රිය හා බස් රථ පොදු ප්‍රවාහන පහසුකම් ඇති කල යුතුයි. පොදු ස්ථානවලට සහ රජයේ කාර්යාල සහ බැංකුවලට ඔවුන්ට පහසුවෙන් යාමට ඇති පහසුකම් හැකි ඉක්මනින් සලසා දිය යුතුයි.

 

සෑම රජයක් ම මේ සඳහා  සිය වැඩපිළිවෙලට සහ අයවැය ලේඛණය මගින් ප්‍රතිපාදන ලබා දීමට වගබලා ගැනීම ඔවුන් වෙනුවෙන් කරණ මහඟු ජාතික මෙහෙවරක් පමණක් නොව මහා පුණ්‍ය කර්මයක් වනවා නොඅණුමානයි.

 

යුනයිටඩ් යූත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීනා සේරම් ඇතුළු කණ්ඩායම විසින් මේ සම්බන්ධව සකස් කර ඇති කෙටුම්පත් වාර්තාව ගරු ජනාධිපතිතුමා වෙත ඉදිරියේදී  පිළි ගන්වන්නට බලාපොරොත්තු වෙනවා”.

 

WhatsApp Image 2024 07 06 at 21.26.382

WhatsApp Image 2024 07 06 at 21.26.372WhatsApp Image 2024 07 06 at 21.26.402

WhatsApp Image 2024 07 06 at 21.26.38WhatsApp Image 2024 07 06 at 21.26.40WhatsApp Image 2024 07 06 at 21.26.381

disabilityWhatsApp Image 2024 07 06 at 21.26.36WhatsApp Image 2024 07 06 at 21.26.37

@යුනයිටඩ් යූත් මාධ්‍ය ඒකකය