SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි ගතානුගතික මතධාරියෙකු වන Saeed Jalili පරදවමින්

ප්‍රතිසංස්කරණවාදියෙකු වන Masoud Pezeshkian තේරී පත්වී ඇත.

 

මිලියන 30 කට වැඩි ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 53.3% ක් Pezeshkian ලබා ගෙන තිබූ අතර  Saeed Jalili හිමිකර ගෙන තිබුණේ 44.3% ක ප්‍රමාණයකි.

 

කෙසේ වුවද ජූනි 28 වැනි දින පැවති මැතිවරණයේ පළමු වටයේ දී කිසිදු අපේක්ෂකයෙකු  බහුතර ඡන්ද ලබා නොගත් අතර එය 40% ක අඩු ඡන්ද ප්‍රතිශතයක් ද විය.

 

ඉරානයේ හිටපු ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු තවත් හත් දෙනෙකු මැයි මාසයේදී හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය අතර  ඔහු මිය යාමෙන් පසුව මැතිවරණය කැඳවන ලදී.

 

මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග චීනය, ඉන්දියාව සහ රුසියාව යන රටවල නායකයන් සියල්ලෝම වෛද්‍ය  පෙසෙෂ්කියන්ගේ ජයග්‍රහණයට සුබ පතා තිබුණි.

 

ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමටත් පෙර, වෛද්‍ය පෙසෙෂ්කියන්ගේ ආධාරකරුවන් ටෙහෙරානයේ සහ තවත් නගර ගණනාවක වීදි බැස ජයග්‍රහණය සැමරීමට කටයුතු කර තිබුණි.

 

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කළේ බොහෝ විට තරුණයින් නටමින් ඔහුගේ ව්‍යාපාරයේ කොළ කොඩිය රැගෙන මෝටර් රථ වල  නලාව නාද කරමින් ජය සමරන ආකාරයයි.

 

71 හැවිරිදි හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන වෛද්‍ය පෙසෙෂ්කියන් ඉරානයේ කුප්‍රකට සදාචාර පොලිසිය විවේචනය කරන්නෙකු වන අතර “එක්සත්කම සහ සහජීවනය” වෙනුවෙන් කැපවෙනවා මෙන්ම ඉරානය ලෝකයෙන් “හුදකලා කිරීම” අවසන් කරන බවට ද පොරොන්දු විය.

 

එසේම බටහිර සම්බාධක ලිහිල් කිරීම සඳහා ඉරානය සිය න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට එකඟ වූ 2015 න්‍යෂ්ටික ගිවිසුම නැවත  අලුත් කිරීම සම්බන්ධයෙන් බටහිර බලවතුන් සමඟ සාකච්ඡා සඳහා ද ඔහු ඉල්ලීම් කර ඇත.

 

ඔහුගේ ප්‍රතිවාදියා වන Saeed Jalili, ඉරානයේ දැනට පවතින තත්ත්වයට කැමැත්තක් දක්වයි. එසේම ඔහු ඉරානයේ වඩාත්ම ආගමික ප්‍රජාවන් අතර ප්‍රබල සහයෝගයක් ලබන්නෙකි.

Saeed Jalili දැඩි බටහිර විරෝධී ස්ථාවරයන් සහ න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිස්ථාපනය කිරීමට විරුද්ධ වන්නෙකු ලෙස ප්‍රසිද්ධය.

 

නවතම ඡන්ද වටයේ ඡන්දය ප්‍රකාශ කිරීම 50% - පසුගිය සතියේ පළමු වටයට වඩා වැඩි විය, 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු පුළුල්ව පැතිරුණු අතෘප්තිය මධ්‍යයේ ඡන්දය ප්‍රකාශ කිරීම අඩුම අගය එය වූ නමුත් තවමත් සැලකිය යුතු ලෙස අඩු වීමක් දැකගත හැකිය.

 

එයට හේතුව පුලුල්ව පැතිරුනු අතෘප්තිය නිසා මිලියන ගනන් ජනතාව මැතිවරන වර්ජනය කිරීමය.

 

දැඩි ඉස්ලාමීය ආධිපත්‍යය දරන අපේක්ෂකයින් සඳහා තෝරාගැනීමක් නොමැතිකම මෙන්ම ඉරානයේ උත්තරීතර නායකයා වූ අයතුල්ලා කොමේනි ගේ ප්‍රතිපත්ති දැඩි ලෙස පාලනය කෙරෙන තාක් එරට සැබෑ වෙනසක් කළ නොහැකි වීම ඔවුන්ගේ අපේක්ෂා භංගත්වයට හේතු විය.

 

කෙසේ වුවද පළමු වටයේදී ඡන්දය ප්‍රකාශ නොකළ සමහර අය මෙවර වෛද්‍ය පෙසෙෂ්කියන් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹව ඇත්තේ Saeed Jalili ජනාධිපති වීම වැළැක්වීම සඳහා ය.

 

එයට හේතු වූයේ ඔහු ජයග්‍රහණය කළහොත් ඉරානය බාහිර ලෝකය සමඟ තවත් ගැටුමක් කරා ගමන් කරනු ඇති බවත් ඔහු ඉරානයට තවත් සම්බාධක ගෙනැවිත් තවදුරටත් හුදකලා කරනු ඇතැයි ද  ඔව්හු බියට පත් වීමය.

 

@විදෙස් මාධ්‍ය ඇසුරිනි