SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක් කල් පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස

ජනපතිට ශක්තිය සහ සහයෝගය ලබා දෙන බව පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

 

“පොදුජන පෙරමුණු පක්ෂයේ සභාපති අප අතහැර යද්දීත් අවස්ථාවේ හැටියට රට බේරාගත හැක්කේ රනිල්ට බව අපි  තීරණය කළා.  අද දක්වා ඒ සහයෝගය දුන්න වගේම ඉදිරියටත් දෙනවා. ඒක කරන්නෙ රට වෙනුවෙන්”.

 

27ක දේශපාලන දිවිය සමරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝජිත අබේගුණවර්ධන ගේ ‘ජාතික මෙහෙවරක රෝහිත සලකුණ’ සැමරුම් උළෙලට සහභාගී වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව කීවේය.

 

උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යි.

 

කළුතර දුම්රිය පොළ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු මෙම උළෙලට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා ඇතුළු පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු සමග පිරිසක් සහභාගී වූහ.