SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව මේ වන විට මුහුණ දී සිටින දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අර්බුධයන් සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුව මෙන්ම පක්ෂ විපක්ෂ සියල්ලන්ගේද අවදානය යොමු කිරීමටත්,

අරගලයෙන් ඉල්ලා සිටි ඉල්ලීම් අමතක කර දමා මැතිවරණ වලට යෑම වලක්වා එකී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස බලකිරීමටත් පසුගියදා ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යවස්ථා හා ප්‍රතිසංස්කරණ මහජන සභාව නැමැති සංවිධානය පිහුටුවා ඇත.

 

එකී සභාවේ අරමුණු ප්‍රකාරව ක්‍රියාවට නැංවිය යුතු මූලික කාරණා ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යවස්ථා හා ප්‍රතිසංස්කරණ මහජන සභාව විසින් අද දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

 

එම නිවේදනය පහත දැක්වේ.

 

මාධ්‍ය නිවේදනයයි

මැතිවරණවලට පෙර ප්‍රතිසංස්කරණ කවුළුවක් විවර කර ගැනීම.

 

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය වන අපගේ මාතෘ භුමිය මේ වන විට උග්‍ර දේශපාලන ,ආර්ථික , සමාජීය හා සංස්කෘතික අර්බුධයකට මුහුණ දී සිටියි.ගෙවුම් ශේෂ අර්බුදය ලංකාවේ අර්බුදය අධිනිෂ්චය කරන ප්‍රධාන සාධකය වී ඇතත් රටේ දේශපාලන ක්‍රමය ද තිබෙන්නේ හොඳටම ජරාජීර්ණ වූ තත්වයකය. විටින් විට සංශෝධිත ව්‍යවස්ථාවන් රටේ පවතින සැබෑ ගැටළු වලට විසඳුම් සෙවීමට වඩා බලය පවත්වාගෙන යාමේ හා හුවමාරු කිරීමේ මෙවලම් ලෙස ක්‍රියාත්මක වුවා මිසක් 2009 අභ්‍යන්තර සිවිල් යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව  හා 2022 වසරේදී මහජන අරගලයන්ගෙන් පසුව වුවද  මේ ගැන සංවිධානාත්මක සුදානම් වීමක් දක්නට නොලැබුණි. 2009 වසරෙන් පසුව ජනාධිපති වරණයකට හා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්නට පෙර හොඳටම ජරාජීර්න තත්වයකට පත්ව තිබෙන  දේසපාලන ක්‍රමය ප්‍රති නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ  ඇති කරගැනීමේ වැදගත් කම තේරුම් ගෙන ඒ සඳහා වන ප්‍රතිස්ංස්කරණ වැඩ සටහනක් පොදු එකඟතාවයකින් ක්‍රියාත්මක කිරීමට ලංකාව සමත් නොවීය. දැන් එළඹ ඇත්තේද   2022  වසරේ මහජන නැගිටීම් වලින් පසුව ජනතාව අරගල කරමින් ඉල්ලා සිටි නව්‍ය ඉල්ලීම් හෝ වෙනස්කම් සිදු වන්නට අවස්ථාවක් නැතිව ම මැතිවරණ වලට යන්නට සුදානම් වීමය.

 

මෙම ලියවිල්ලට අත්සන් තබන අප සියළු දෙනා  අප ප්‍රජාතන්ත්‍රවාදී  ව්‍යවස්ථා හා ප්‍රතිසංස්කරණ මහජන සභාව ලෙස දරන මතය වන්නේ, විය යුතු ප්‍රතිසංසකරණ සම්බන්ධයෙන් මුලික වීමක් ලෙස පවතින ආණ්ඩුවට හා ජනාධිපති වරයා හා ආණ්ඩුවත්, විපක්ෂ නායකතුමා ඇතුළු  සියළුම පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද සම්බන්ධ කර ගනිමින් ,  ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොව දැඩි ජරාජීර්ණ තත්තත්වයකට  පත්ව තිබෙන දේශපාලන ක්‍රමයේද යහපත් හා ගැඹුරු වෙනසක් සඳහා ප්‍රමාද කිරීමකින් තොරව ප්‍රතිසංස්කරණවලට යාම අත්‍යාවශ්‍ය බවය. 

 

විශේෂ වැදගත් කමක් ඇති ප්‍රශ්න වලදී මහජන කණ්ඩායම්වලටද  ප්‍රතිසංකරණ යෝජනා ඉදිරිපත් කිරීමේ බලය මහජනයාටද ලබාදෙන නීතියක් මේ මැතිවරණ දෙකට පෙර දිනාගැනීම අපගේ අපේක්ෂාව වන අතර ඒ සදහා වන ප්‍රායෝගික උත්සහයක අපි නිරත වී සිටිමු.

 

අප යෝජනා කරන නීතිය, නීතිගත කරගැනීමට සමත් වෙතොත් මැතිවරණ කොමිෂමේ අධීක්ෂණය  යටතේ ලියාපදිංචි  ජන්ද දායකයින් ලක්ෂයකගේ අනුමැතිය ලබාගත හැකි අවස්තාවලදී පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරි පත් කිරීමේ ඍජු ප්‍රජාතන්ත්‍ර වාදී බලය මහජන කණ්ඩායම් වලට හිමිවේ. එවැනි මහජන කණ්ඩායමක් නීතියෙන් නියම කල ප්‍රතිපත්තීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාවක් කථානායකවරයා පාර්ලිමේන්තුවේ නියාය පත්‍රයට ඇතුලත් කොට විවාදයට ගෙන ජන්ද විමසීමකට ලක් කල යුතුය. පාර්ලිමේන්තුවේ සම්මත වන එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටී. මේ ක්‍රමය පීඩාවට හෝ අසාධාරණය ලක්ව සිටින  ජන කණ්ඩායම් වලට ප්‍රයෝජනවත් වනවා සේම  මේ ක්‍රමය රටේ කොතැනක හෝ සිදුවන බලවත් වැරදි නිවැරදි කරගැනීම සඳහාද මහජනයාට යොදා ගත හැකිය. එසේම පොදු යහපතට හේතුවන වැදගත් යෝජනා ඉදිරිපත් කිරීම සදහාද මේ ක්‍රමය යොදා ගත හැකිය.

 

ලංකාවේ ව්‍යවස්ථාව  අනුව පරමාධිපත්‍ය බලය සතු  මහජනයා තමන්ට තිබෙන පරමාධිපත්‍ය බලය ප්‍රධාන වශයෙන් අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ජන්දය පාවිච්චි කිරීම මගිනි. මේ අප විසින් යෝජනා කරන නීතිය නිතිගත කරගැනීමට හැකිවෙතොත් මහජනයා මැතිවරණ වලදී ජන්දය පාවිච්චි කරනවාට අමතරව  තමන්ට තිබෙන විශේෂ ප්‍රශ්න  විසඳාගැනීම සඳහා  පාර්ලිමේන්තුවට යෝජනා  ඉදිරිපත් කිරීම මගින්ද තමන්ට තිබෙන පරමාධිපත්‍ය බලය අලුත් අකාරයකින්  එනම්  ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට, අභ්‍යාස කරන රටක් බවට පත්වනු ඇත්තේය. එය ලංකාවේ පවතින නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට එකතු කෙරෙන ඉතා වැදගත් හා බලවත් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංගයක් ලෙස සැලකිය හැකිය. නියෝජිත ප්‍රජාතන්ත්‍ර වාදි ක්‍රමයට ඍජු ප්‍රජාතන්ත්‍රවාදී අංග එකතු කර තිබෙන රටවල් 50 ක් පමණ වන අතර, අප රටේ පැවැත්වීමට නියමිත  මැතිවරණ යට  පෙර මෙම නීතිය දිනාගත හැකිනම් ඒ රටවල් අතරට අලුතෙන්ම එකතු වන රට බවට පත්වනු ඇත්තේ ශ්‍රී ලංකාවය.

 

1931 සිදුවූ අවුරුදු 21 ට වැඩි ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයට ම  සර්වජන ජන්ද බලය ලබාදීමෙන් ශ්‍රී ලංකා සමාජයේ ලොකු විප්ලවයක්  සිදුවිය. මහජනයාට පාර්ලිමේන්තුවට  යෝජනා ඉදිරිපත් කිරීමේ බලය ලබාදුන හොත්, ඒ මගින් මහජන ප්‍රතිසංසකරණ විෂයෙහි සිදු වියහැකි විප්ලවයද  අති විශාලය. නීති හා ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමට මහජනයාට  ලැබෙන බලය රටේ ජරාජීර්න  වී තිබෙන ක්‍රමය වෙනස් කර ගැනීමට අවශ්‍ය ගාමක බලය ලබා දෙන ලීවරයක් ලෙස ක්‍රියාකරනු ඇත.

 

ඉදිරිගාමී හා පෙරලිකාර නීති සම්පාදනයකට අපගේ යෝජනා අනුව එකඟවීම ගැන ජනාධිපතිවරයාට  අප සංවිධානයේ ස්තූතිය පලකරන අතර  2024 ජුලි මස 07 වෙනි දින මේ නීතිසම්පාදනය ගැන අප එකමුතුවට හමුවීමේ අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ලබා දී තිබේ. මේ ලිපියෙන් අපගේ ඒ හමුවීම  විපක්ෂ නායකතුමා , ජාතික ජන බලවේගයේ නායක තුමා හා  පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් සියළුම පක්ෂ නායකයන් වෙත  දැනුම් දෙමු. 

 

ශ්‍රී ලංකාවේ ගමන් මග සුබවාදීව වෙනස්  කරනු ලබන, ඉදිරිගාමි හා පෙරළිකාකර නීති සම්පදනයක් ලෙස සැලකිය හැකි අපගේ යෝජනාව  විශාල බහුතර ජන්දයකින් සම්මත කරගැනීම සදහා ක්‍රියාකාරි සහාය ලබා දෙන ලෙස විරුද්ධ පක්ෂ නායකතුමාගෙන් ද, පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන  පක්ෂ නායක තුමන්ලාගෙන් ද   මේ ලියවිල්ලට  පහත අත්සන් තබන අපි සියළු දෙනා විසින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

 

PCR L1

PCR L 2

 

PCR L 3